Political Archive

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට එකතුවීමට තීරණය කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

මහින්ද ජනපති මැදුරේ පොළොව යට තවත් මාලිගයක් හදලා

පසුගිය 22 වන දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයක දී කොළඹ කොටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධ කොට එම පරිශ‍්‍රයේ පොළොව යට ඉදිකළ අධිසුඛෝපභෝගී මන්දිරයක් ඇති බවට හෙළි කරන ලදී.

විමල් වීරවංශට ඇප ලැබෙයි

අවලංගු වූ විදෙස් ගුවන්බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (23) පස්වරුවේ ඇප මත නිදහස් කර තිබේ.

අමුණුගමට කැබිනට් ඇමති ධූරයක්

විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේදී රවීගේ නම වැරද්දු බන්දුලට වුණ දේ

සන්ධාන පාර්ලි‍මේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම වැරදී ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද සිදුවිය.

චීන සබ්මැරීන වලට ශ්‍රී ලංකා මුහුදේ සංචාරය කිරීමට අවසර

ඉදිරියේදී චීන සබ්මැරීන සඳහා ශ්‍රී ලංකා මුහුදේ සංචාරය කිරීමට අවසර ලබාදීමේ හැකියාව පවතින බව රජය පවසයි. පෙර දැනුම්දීමකින් පසුව මේ සදහා අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

විදුලි පුටු නෑ, හයිබ්‍රිඩ් නෑ – දේශීය යාන්ත්‍රණයක් පමණයි

ජාත්‍යන්තර මැදිහත්වීම්, ජාත්‍යන්තර පරීක්ෂණ පිළිබඳ පැවති යෝජනා ඉවත්කර ගනිමින් දේශීය යාන්ත්‍රණයක් තුළ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟව මෙම ප්‍රශ්නය විසඳීමට හැකිවීම ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය මාර්තු වලදී

පළාත් පාලන මැතිවරණය මාර්තුව වන විට අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවැති ජාතික කළමනාකරණ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්ය.

අගමැතිට එරෙහිව මන්ත්‍රීවරු පිරිසක් විරෝධයේ

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ඊයේ (23) පාර්ලිමේන්තු පිවිසුම අසලදී විරෝධතාවක නිරත වී තිබේ.

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු එකට පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ.