Political Archive

ජිනිවා ගැන කියවලා බලලා වචනයක් දෙන්නම්

ජිනිවා මානව හිමිකම් වාර්තාව පිළිබඳ යමක් ප‍්‍රකාශ කළ හැක්කේ තවදුරටත් එය අධ්‍යයනය කිරීමෙන් පසුව බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නිදහස් පක්ෂයේ 25ට විපක්ෂයේ ඉන්න අවසර

වත්මන් ආණ්ඩුවේ ඇමති ධුර ලබානොගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බාධාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අගමැති රනිල් ඉන්දීය අගමැති හමුවෙයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද ඉන්දියාවේ නවදිල්ලි නුවර දි පැවැත්විය.

පවුල් ආණ්ඩුව පරාජය කළ හවුල් ආණ්ඩුවත් ජනතාවට බරක් වෙලා

පවුල් ආණ්ඩුව පරාජය කරමින් බිහි වූ එජාප – ශී‍්‍රලනිප හවුල් ආණ්ඩුව ජනතාවට බරක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

මළගෙවල් මගුල් ගෙවල් අංක එක නම් පාර්ලිමේන්තු එන්න එපා

මන්ත්‍රීවරුන්ගේ මහජන දිනය සති අන්තයට හෝ සඳුදා දිනයට යොදාගන්නා ලෙසත්, මන්ත්‍රීවරුන් තම ප්‍රදේශයේ මළගෙවල්, මගුල් ගෙවල් සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා නම් පාර්ලිමේන්තු නොපැමිණ පළාත් සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ රැඳී සිටිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඇමති මණ්ඩලයට මසකට කෝටි 20යි

ඇමති මණ්ඩලයේ සාමාජිකයින් 93 සහ දිස්ත්‍රික් සංවර්ධනය කමිටු සභාපතිවරුන් 22 එක්ව ගත්විට සිටින 115 දෙනා නඩත්තු කිරීමට අවම වශයෙන් මාසකට රුපියල් කෝටි 20ක් වැයවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමතිධූර ගැන චන්ද්‍රිකා කණගාටුවෙන්

ජනතා අප්‍රසාදයට පත් ඇතැම් මන්ත්‍රීවරුන්ට අමාත්‍යධූර හිමිවීම සම්බන්ධයෙන් ප්‍රගතිශීලී ජනතාව කණගාටුවට පත්ව සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

මහින්ද චන්ද්‍රිකා ගැන මාධ්‍ය නිවේදනයකින් කියයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

මහින්දට පුළුවන්නම් ඇමැතිවරුන්ට බැරි ඇයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හැකිනම් හිටපු ඇමැතිවරුනට නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස ක්‍රියා කිරීමට නොහැකියාවක් නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මාතරින් වැඩිම මනාප ලැබූ බුද්ධිකට ඇමතිකමක් නැත්තේ ඇයි?

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ මාතර දිස්ත්‍රික්කයට තරග කර වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට නියෝජ්‍ය අමාත්‍යධුරයක් නොලැබීම ගැන මාතර ජනතාවගේ විමතියට හේතු වී තිබෙන බව අද පුවත්පත වාර්තා කරයි.