Political Archive

අඩුපාඩු සෙවීමට ගිය එජාප මන්ත්‍රීවරුන්ට විරෝධතා

මේ දිනවල රාජ්‍ය ආයතන වල පවතින අඩුපාඩු සොයා බැලීමට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද දුම්රිය සේවයේ පවතින අඩුපාඩු සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නියැලුනා. ඔවුන් පානදුර දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය මූලස්ථානයට පැමිණීමත් සමග එහි ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

සාක්ෂිකරුගේ මරණයට සහ ගුරුවරියට මරණ තර්ජන කිරීමට සම්බන්ධයක් නෑ – හිටපු මන්ත්‍රී පවසයි

නවගත්තේගම පාසල් ගුරුවරිය දණගැස්වීමේ නඩුවේ සිව්වන සාක්ෂිකරුවාගේ මරණයට හෝ පාසල් ගුරුවරියට මරණීය තර්ජනය කරමින් ලිපියක් යැවීමේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර මහතා නවගත්තේගම පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

හරීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

බදුල්ල දිස්ත්‍රීක්ක එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබේ. එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව මීට පෙර ඔහු දැනුම්දී තිබුණි.

සාක්ෂිකරුගේ මරණයෙන් පසු ගුරුවරියටද මරණ තර්ජන

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අය විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ප්‍රියානි සුසිලා ගුරුතුමිය දණ ගැස්සිමේ නඩුවේ සිව්වන සාක්ෂිකරු වූ පුණ්‍යසේන මහතාගේ සිරුර ළිඳක තිබී පසුගියදා සොයාගනු ලැබුවා. එම මරණය සම්බන්ධව පොලිස් පරීක්ෂණ කරගෙන යන අතරතුර ප්‍රියානි සුසිලා ගුරුතුමියටද ඊයේ (5) මරණ තර්ජනයක් එල්ලවී තිබේ.

දිනිදු පුතු ජනපති හමුවෙයි

ගල්ගමුව – මීගලෑව ප‍්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වී සොයාගන්නා ලද දිනිඳු යශේන් දරුවා සිය දෙමව්පියන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ගුරුවරිය දණ ගැස්වූ සිද්ධියේ සාක්ෂිකරුවෙකුගේ සිරුර ළිඳක

නවගත්තේගම ඉසුරු මහා විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකුගේ මළ සිරුර පාළු ළිඳක තිබී ඊයේ (01) හමුවූ බව නවගත්තේගම පොලීසිය ප‍්‍රකාශ කළා.