Sports Archive

කෝලී සංගාගේ හා මහේලගේ අවන්හලට ගිහින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරඟ 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම පෙරේදා දිවයිනට පැමිණියේය. එම කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලී ඊයේ (04) කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ අවන්හලට ගොස් තිබේ.

මහේල එංගලන්තයේ පිතිකරු උපදේශක වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා ලෙස එක්වන බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

තරඟ 3 කින් යුත් ටෙස්ට් තරඟාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (03) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 128 දරණ යානයෙන් ඊයේ පස්වරු 5.30ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟා වී ඇත.

ක්‍රිකට් දිවිය පිළිබද අවසන් තීරණයක් ගන්නවා

ඉදිරියේදී දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වුවහොත් තමන් සිය ක්‍රිකට් දිවිය පිළිබද අවසන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

අවසන් T20 තරඟයේ ජය පකිස්ථානයට

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන සහ අවසන් 20 – 20 තරගයත් ජය ගැනීමට පාකිස්ථානය සමත් විය.

අවසන් 20/20 තරඟය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වේ. දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය රාතී‍්‍ර 7 ආරම්භ වීමට නියමිතයි.

20 /20 තරඟයත් පකිස්ථානය ජයගනී

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (30) පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 29 කින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථානු කණ්ඩායම සමත්විය.

චන්දි – තිරි නොගැනීමට හේතුව මාලිංග කියයි

ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම පාකිස්තානු තරඟාවලියේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි.

අවසන් තරඟයේ ජය ලංකාවට

සූරියවැවදී ඊයේ (26) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 165ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කුසල්, ඇන්ජි සහ මිලින්ද වැඩ පෙන්නයි – ලංකාව ලකුණු 368

සංචාරක පාකිස්තාන පිළ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 368 ක් ලබා ගත්හ.