World Archive

Facebook සමාගම WhatsApp මිලදී ගනී

ෆේස්බුක් සමාගම ලොව ජනප්‍රියතම පණිවුඩ හුවමාරු සේවාවක් වන WhatsApp messenger මිලදී ගැනීමේ සූදානම්ක් ඇති බව මිට පෙර වාර්තා පල වූ නමුත් ඒ පිළිබඳව වැඩිදුර විස්තර වාර්තා වූයේ නැත. නමුත් ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම පවසා තිබුනේ WhatsApp messenger සේවාව මිලදී ගැනීමේ කටයුත්ත සාර්ථක ලෙස නිමවූ බවයි.

ජයලලිතාගේ තැන පන්නීර් සෙල්වම්ට

ඉන්දියා රුපියල් කෝටි 60කට වැඩි මුදලක් උපයා ගත් අයුරු හෙළි කළ නොහැකි වීම නිසා සිව් වසරක් හිට ගෙට නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ හිතමිතුරු පනීර් සෙල්වම් මහ ඇමැති පදවියට නම් කර ඇත.

ජයලලිතාට වසර හතරක සිර දඬුවම්

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට වසර හතරක සිර දඬුවම් බැංගලෝර් අධිකරණය විසින් නියම කර තිබේ. සිමා රහිත ලෙස වත්කම් එකතු කරගෙන අයථා ලෙස සිය වත්කම් හෙළි කිරීම සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් මහත්මියට චෝදනා එල්ල වී ති‍බුණි.

ඉන්දියාවේ සත්තු වත්තකදී ව්‍යාඝ්‍රයකුට ගොදුරුවී තරුණයෙකු මියයයි

ඉන්දියාවේ දිල්ලි සත්තු වත්තේ සුදු ව්‍යාඝ්‍රයකුට ගොදුරුවී නරඹන්නෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි මක්සුද් නැමති තරුණයෙකි. සත්තු වත්තේ සුදු ව්‍යාඝ්‍රයින් නැරඹීම සඳහා ඇති ආරක්‍ෂිත තාප්පයෙන් මොහු ඇතුලට ගොස් ඇත.

හනුමන්තාටත් හැඳුනුම්පතක්

ඉන්දියාවේ දේවත්වයෙන් සලකන හනුමන්තා නමින් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙ.

මලාලාට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට

ලොවම අවදානය යොමු කළ සිද්ධියක් වූ මලාලා යුසුෆායිට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තලෙයිබාන් වෙඩික්කරුවා පාකිස්තානයේදී අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ඔත්තුකරු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්

පාකිස්ථානයේ අයි.එස්.අයි. ඔත්තු සේවාව වෙනුවෙන් ඉන්දියාවේ ඔත්තු බැලූ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බව හෙළිදරව් වී තිබෙ. අරූන් සෙල්වරාජන් නැමැති මෙම ඔත්තුකරුවා ඉන්දියාවේ ජාතික බුද්ධි අංශ සේවාව මගින් පසුගිය බදාදා චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔබාමා අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කරයි

වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා ඉරාකය සහ සිරියාවේ යුද වදිමින් සිටින අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කරන බව ඇමරිකානු ජනාධිපති බැරැුක් ඔබාමා ජාතිය අමතමින් ප‍්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක්

කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය ගැබ්ගෙන සති 12ක කාලයක් වන බවද සඳහන් වේ. මුල් කාලයේදී මෙය මාධ්‍යයෙන් වසන් කලත්, ඇය වීවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගටම උත්සව කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් දැන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි.

නිළියන්ගේ නිරුවත් ඡායාරූප පළ කළ අය අමාරුවේ වැටෙයි

බටහිර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.