World Archive

පිල්ලේගෙන් පසු සෙයිද් අල් හුසෙන් වැඩ අරඹයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරයා ලෙස සෙයිද් අල් හුසෙන් කුමරු හෙට(01) සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඉබෝලා සුව කිරීමට සොයා ගත් ZMapp තරමක් දුරට සාර්ථකයි

තව ම ත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින ZMapp ඖෂධය ලබා දීමෙන් ඉබෝලා වෛරසය ආසාදිත වඳුරන් පූර්ණ වශයෙන් සුවය ලැබූ බව පර්යේෂකයින් හෙළි කර තිබේ.

ජයලලිතාගේ ඉල්ලීම මෝඩි ඉටු කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළුවට දිගුකාලීන විසදුමක් ළඟා කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ. දෙරට අතර පවතින ධීවර ගැටළුව විසඳන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් වාර කිහිපයකදීම ඉන්දීය අගමැතිට ලිපි ලියමින් මධ්‍යම රජයට බලපෑම් කිරීම හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මෙම රැස්වීම

ඇසිඩ් ගැහුවත් ගමන නොනවති

ඇසිඩ් ප‍්‍රහාරයනට ලක්වී මුහුණ විරූපී වුවත් තම පෙනුම ගැන ලැජ්ජාවට පත් නොවී ධෛර්යමත්ව සමාජය ඉදිරියට පැමිණ සිටින තරුණියන් පිරිසක් ගැන ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉබෝලා නිසා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

බටහිර අප්‍රිකානු රටවල පැතිර යමින් පවතින ඉබෝලා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

විලියම් කුමරු සාමාන්‍ය රැකියාවකට යයි

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු පුද්ගලික ආයතනයක සේවය සඳහා යාමට සූදානම්ව සිටින බව වාර්තා වෙයි. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර ඔහු සේවය කිරීමට අපේක්ෂා කරන්නේ ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස බවයි.

දුම්රිය ඔසවා මගියා බේරාගනී

ඕස්ට්‍රේලියාවේ, පර්ත් දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවීම සඳහා ගිය මගියෙකුගේ පාදය දුම්රියේ හා දුම්රිය වේදීකාව අතර ඇති හිඩැස තුලට ගොස් හිරවී තිබේ. වේදිකාව සහ දුම්රිය අතර දුර ප්‍රමාණය සෙන්ටි මීටර් 5ක් තරම් වු ඉතා කෙටි ප්‍රමාණයක් වුවත් අදාළ මගියාගේ පාදය අහම්බෙන් මෙන් එම ස්ථානයේ සිරවී තිබේ.

චීනයේ භූමිකම්පාවෙන් 367ක් මරුට

නිරත දිග චීනයේ යුනෑන් ප්‍රාන්තයේ පසුගිය 3 වැනිදා සිදුවූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 367 දක්වා ඉහළගොස් තිබේ. තවත් පුද්ගලයින් 1400ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. භූමි කම්පාව රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් සටහන්ව ඇති අතර භූමිකම්පාවේ අපි කේන්ද්‍රයේ සිට කිලෝ මීටර 11 ක ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් නිවාස 12,000ක් පමණ සම්පූර්ණයෙන් ම

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික සරණාගතයින් ගණන ඉහළට

ආරක්ෂාව සහ සරණාගත භාවය පතා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 2013 – 2014 කාලය තුළ මෙරට රැකවරණය පතන විදේශිකයින්ගේ සංඛ්‍යාව සියයට 700කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු මංකොල්ලකරුවන් අසරණ කෙරූ ලාංකිකයා

ඇමරිකාවේ හුස්ටන්හි ඉන්ධන පිරවුම් හලක සේවය කරන ශ්‍රී ලංකික තරුණයකු වන මයුර දිසානායක මෙලෙස කොල්ලකරුවන් පලවා හැර ඇති බවට වාර්තා වේ.