World Archive
25 Jul 2014
තවීෂ පිරිස් ඝාතකයන්ට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

පසුගිය වසරේ ඔක්තොම්බර් මස 27 වන දින සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයන් දෙදෙනාට බි්රතාන්ය අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. මෙම ඝාතනයේ වරදකරුවන් වූ 18 හැවිරිදි කාසිම් අහමඞ්ට සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු වන 26 හැවිරිදි ශම්රාස් ඛාන්ට මෙම මෙලෙස සිර දඬුවම් නියම කර ඇත.
24 Jul 2014
තායිවානයේ ගුවන් අනතුර
මැලේසියානු ගුවන් යානය කඩා වැටීමේ උණුසුම අඩුවීමටත් පෙර තායිවානයේද ගුවන් අනතුරක් වාර්ථාවේ.
21 Jul 2014
ජෝන් කෙරී ගෙන් රුසියාවට චෝදනා.

නැගෙනහිර යුක්රේනයේදී කැරලිකරුවන්ගේ ප්රහාරවලින් කඩා වැටුණු මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 මගී ගුවන් යානය නැගෙනහිර යුක්රේනයේ දී බිම හෙලීම පිළිබඳ වගකීම රුසියාව විසින් භාරගත යුතු බව අමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී පවසයි. මෙයට රුසියාවේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂිද ඇති බව ඔහු පෙන්වා දෙයි.