CSN නාලිකාව නවතින ලකුණු

null

හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන CSN නාලිකාව නවතා දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

මෙම නාලිකාව පසුගිය කාලයෙහි රජයට ගෙවිය යුතු බදු මුදල් කිසිවක් ගෙවා නැති බව පසුගිය අතුරු අයවැයේදී මුදල් ඇමති රවි කරුණානායක හෙළි කළේය. විකාශන කුළුණු 6 කට වැඩි ක්‍රීඩා නාලිකා වලට බදු ගසන බව කියමින් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන දහසක බදු මුදලක් ගෙවිය යුතු බවට අලූත් බද්දක් පැනවීම නිසා එයට හසුවූ එකම නාලිකාව බවට පත් සීඑස්එන් නාලිකාව එවැනි විශාල බද්දක් ගෙවීමට නොහැකි නිසා අයිතිය අතහැර මෙසේ වසා දමන්නට තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය 24 වනදා සිට එහි සේවකයින් සියල්ලට නිවාඩු දී ඇති අතර 30 දෙනෙකුට පමණ වන්දී ලබා දී ආයතනයෙන් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි.

මෙම සේවකයින්ගෙන් කොටසක් සීඑස්එන් නාලිකාවට අනුබද්ධව පවත්වා යන සිංහ එෆ් එම් රේඩියෝවට සම්බන්ධ කරගැනීමට නියමිත බව වාර්තා වන අතර එම එෆ් එම් ගුවන් විදුලි නාලිකාව වසා දමා නැත.

මෙම නාලිකාවේ ප්‍රධාන නිලධාරිනියක ලෙස යෝශිතගේ හිටපු පෙම්වතියක වන යසාරා කලක් සේවය කලාය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>