Monthly Archive:: August 2014
31 Aug 2014
සෞඛ්‍ය වර්ජනය පැය 48ට අත්හිටුවයි
![yqMMXsl[1]](https://truth.lk/wp-content/uploads/2014/08/yqMMXsl1.jpg)
අද පස්වරුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කර ඇති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව දින පහක් පුරා දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක වූ පරිපුරක වෛද්‍ය වැඩවර්ජනය අද උදෑසන අටේ සිට පැය 48 ක කාලයක් අත්හිටුවීමට පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.
31 Aug 2014
පිල්ලේගෙන් පසු සෙයිද් අල් හුසෙන් වැඩ අරඹයි
![MReroiS[1]](https://truth.lk/wp-content/uploads/2014/08/MReroiS1.jpg)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරයා ලෙස සෙයිද් අල් හුසෙන් කුමරු හෙට(01) සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබේ.
30 Aug 2014
ශ්‍රී ලාංකීය සිසුවියක් ඕස්ටේ්රලියාවේදී අභිරහස් ලෙස මිය යයි
![6TD9Oed[1]](https://truth.lk/wp-content/uploads/2014/08/6TD9Oed1.jpg)
දියේ ගිලීමෙන් අභිරහස් ලෙස මිය ගිය ශ්‍රී ලාංකික තරුණියකගේ සිරුරක් ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර පිහිටි කුඩා ඇලකින් සොයාගෙන තිබෙ. මෙලෙස මිය ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ උපාධියක් හැදැරීම සඳහා 2009 වසරේ ඕස්ටේ්රලියාවට පදිංචියට ගොස් ඇති අමීෂා රාජපක්ෂ නැමැති 31 හැවිරිදි තරුණියකි.
30 Aug 2014
ඉබෝලා සුව කිරීමට සොයා ගත් ZMapp තරමක් දුරට සාර්ථකයි
![jqRu6jo[1]](https://truth.lk/wp-content/uploads/2014/08/jqRu6jo1.jpg)
තව ම ත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින ZMapp ඖෂධය ලබා දීමෙන් ඉබෝලා වෛරසය ආසාදිත වඳුරන් පූර්ණ වශයෙන් සුවය ලැබූ බව පර්යේෂකයින් හෙළි කර තිබේ.
30 Aug 2014
අධිකරණය තහනම් කළාට වර්ජනය දිගටම
![PPJTJHC[1]](https://truth.lk/wp-content/uploads/2014/08/PPJTJHC1.jpg)
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් කරගෙන යනු ලබන වැඩවර්ජනය නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව පවසමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු විසින් පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ. මෙම පෙත්සම සලකා බලා කොළඹ දිසා අධිකරණය විසින් එළඹෙන සැප්තැම්බර් මස 12වන දින දක්වා බලපැවැත්වෙන පරිදි අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
29 Aug 2014
සෞඛ්‍ය වර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මකයි
![Fd5OHIH[1]](https://truth.lk/wp-content/uploads/2014/08/Fd5OHIH1-150x150.png)
තම ගැටළුවලට සෞඛ්‍ය බලධාරීන් පිළිතුරු ලබානොදීම හේතුවෙන් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩවර්ජනය අද (29) සිව්වන දිනටත් කි‍්‍රයාත්මක කරන බව වර්ජනයේ නිරත වෘත්තීය සමිති පවසයි.
29 Aug 2014
රහස් පොලීසියට තර්ජන කල වාස්ට ඇප
![MIlUtMR[1]](https://truth.lk/wp-content/uploads/2014/08/MIlUtMR1.jpg)
2013 වසරේ ජුනි මස 13 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ෂානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසකට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ඇප නියම කර තිබේ.
29 Aug 2014
සූදු පොළකදී ගැටුමක්
![QxUwye9[1]](https://truth.lk/wp-content/uploads/2014/08/QxUwye91.jpg)
පුත්තලම – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ සූදු ක්‍රීඩා කරමින් සිටි ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී ඇතිවූ ගැටුමකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙ.
28 Aug 2014
සහල් මිළ වැඩිවේ
![OQ7CRXt[1]](https://truth.lk/wp-content/uploads/2014/08/OQ7CRXt1.jpg)
නියඟය ඇතුළු ස්වභාවික හේතු මත වී අස්වැන්න අඩුවීමෙන් වෙළඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇතැයි රජය පවසයි. මේ වනවිට වෙළදපොළ තුළ සහල් මිල සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති අතර ඇතැම් සහල් වර්ග වල හිඟයක් ද පවතියි. මේ නිසා පාරිභෝගික ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ.
28 Aug 2014
වාරියපොළ තරුණියට ඇප
![so52mpS[1]](https://truth.lk/wp-content/uploads/2014/08/so52mpS1.jpg)
වාරියපොළ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිද්ධියට සම්බන්ධ තිළිණි අමල්කා තරුණියට වාරියපොළ පොලීසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ගල්කිස්ස පොලීසියෙන් දැනුම්දී තිබේ. එලෙස ඇය පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.