Monthly Archive:: August 2014

නොරොච්චෝලේ අක‍්‍රිය වේ

ඊයේ පස්වරුවේ සිට නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ. මීට පෙරද කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ක‍්‍රියාකාරීත්වය වරින් වර අක‍්‍රිය වූ අතර එහි දෙවැනි අදියරද පසුගිය 13 වැනිදා සිට අක‍්‍රිය වී ඇති බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කර ඇත.

දූෂකයාට දුන් පිහි පහර පියාට මරුකැඳවයි

කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී කෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තවත් දෙදෙනෙකුට තුවාල සිදුකල පුවතක් ඊයේ (25) වාර්තා වුනා. මෙලෙස පහරදී ඇත්තේ තම දියණියට අතවර කළ තරුණයෙකුට අදාළ දියණියගේ පියා විසින් බවත්, එහෙත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තරුණයාගේ පියා බවත් සඳහන් වෙයි.

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු යළි ඉහළට

ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාසයක් ඇතුළත දෙවැනි වතාවටත් වැඩි කර ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය පවසයි.

පියා තම සිඟිති දියණිය පොළොවේ ගසා ඝාතනය කරයි

බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේදී පියෙකු විසින් සිය දියණිය ගල්තලාවක ගසා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, බුබුලහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස නවයක් වයසැති හිරුණි පබසරා නැමති දැරියකි.

කරාපිටිය රෝහලේ උණුසුම් තත්ත්වයක්

ගාල්ල, කරාපිටිය රෝහල් පරීශ්‍රවය තුළ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන බව වාර්තා වේ. ගාල්ල, කරාපිටිය රෝහල් පරීශ්‍රවයේ ඇති කසළ ඉවත් නොකිරීම හේතුවෙන් අද දිනයේ රෝහල තුළ ප්‍රතිකර කටයුතු නොකරන බව ඊයේ(24) දිනයේදී එහි අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේය.

කසළ ගැටළුව නිසා කරාපිටිය රෝහල වැසෙන ලකුණු

හෙට(25) පෙරවරු 8.30 සිට ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා රෝගීන් ඇතුළත් කර නොගන්නා බව වාර්තා වෙයි. මිට හේතු වී ඇත්තේ කරාපිටිය රෝහල් පරීශ්‍රවය තුළ දින කිහිපයක සිට ගොඩ ගැසී ඇති කැලි කසළ ඉවත් නොකිරීම බව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසා ඇත.

රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන රැකියා අවස්ථා මන්ත්‍රී ලේකම්වරු මාර්ගයෙන් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බෙලිඅත්ත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

පළමු එක්දින තරඟයේ ජය පකිස්ථානයට

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූණු පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.

දෙමළ සන්ධානය ඉන්දියාවෙන් සහය ඉල්ලයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් සහ ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර විශේෂ හමුවක් සිදුව තිබේ. එහිදී ශ‍්‍රී ලංකාවේ පවතින ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්වන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවෙන් ඉල්ලා ඇත.

එකම පවුලේ සොහොයුරන් දෙදෙනා මුහුදට බිලි

පියා සමග තංගල්ල කපුහේන්වල මුහුදේ දිය නෑමට ගිය දරුවන් දෙදෙනක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර නව හැවිරිදි මල්ලි මියගොස් 12 හැවිරිදි අයියා අතුරුදන්ව ඇතැයි තංගල්ල පොලිසිය කියයි.