Monthly Archive:: August 2014

කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය අද විවෘත කෙරේ

කොළඹ බැස්‌ටියන් මාවත බේරේ වැව මත ඉදිකළ පාවෙන වෙළෙඳ සංකීර්ණය අද (22 දා) ප.ව. 6.00 ට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

රසකැවිලි බෙදාගැනීමට නොහැකිව අක්කා නංගිව මරා දමයි

මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි අක්කා 6 හැවිරිදි තම නැගණියව පිහියෙන් ඇන ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වේ.

මාස තුනක් තුළ සෞඛ්‍ය ගැටළු විසදීමට ජනපතිගෙන් උපදෙස්

වැටුප් වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ වනවිට වර්ජනයක නිරතවන රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ නියෝජිතයින් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්ධිරයේදී පැවැත්විණි.

ජයලලිතාගේ ඉල්ලීම මෝඩි ඉටු කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළුවට දිගුකාලීන විසදුමක් ළඟා කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ. දෙරට අතර පවතින ධීවර ගැටළුව විසඳන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් වාර කිහිපයකදීම ඉන්දීය අගමැතිට ලිපි ලියමින් මධ්‍යම රජයට බලපෑම් කිරීම හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මෙම රැස්වීම

රට පුරා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල වර්ජනයක

අද(20) දිනයේ රජයේ රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි. එම සංගමයේ සභාපති පී.ජයලාල් මහතා පැවසා ඇත්තේ අද උදෑසන සිට මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

අද ඔප්පු කළොත් හෙට ඉල්ලා අස්වෙනවා – ඇමති බන්දුල

මෙවර අ.පො.ස(උ/පෙ) ආර්ථික විද්‍යා ප්‍රශ්නපත්‍ර යේ දෝෂ පවතින බවට චෝදනා කල පිරිස හෙට එම චෝදනාව ඔප්පු කරනු ලැබුවහොත් තමන් අනිද්දට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හොර ගිනි අවියක් ලග තබා ගත් මන්ත්‍රී අත්අඩංගුවට

සබරගමුව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන ඉම්තියාස් කාදර් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනේ පැටලී දෙදරු පියා මරුට

අද (19) උදෑසන 6ට පමණ සතුන් දඩයම් කිරීම සඳහා තම නිවසේ වත්තට යාබදව ඇද තිබූ විදුලි රැහැනක පැටලී දෙදරු පියෙකු මරණයට පත්වී ඇති බව දිඹුල පොලීසිය පවසයි.

සිසුවියක් රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි

දඹුල්ලේ රිය අනතුරකින් තුවාල ලැබු සඳලි පුන්සරණි සිසුවියට දඹුල්ල රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව ද වෛද්‍යවරු ද පියවර ගෙන තිබේ. ඇය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටියදීය

බාලදක්ෂ ලේන්සුව සිරවී සිසුවෙකු මරුට

කොළඹ ප්‍රදේශයේ පිහිටි පොලිස් නිල නිවාසයක පදිංචි සිටි වයස අවුරුදු 12ක පමණ පාසල් සිසුවෙකු ඊයේ අවාසනාවන්ත ලෙස බාලදක්ෂ කර ලේන්සුව ගෙලෙහි සිරවීමෙන් මියගොස් තිබේ.