Monthly Archive:: August 2014

මවත් දියණියත් ලොරියකට බිලි වෙයි

පිළියන්දල – කහතුඩුව ප‍්‍රගති මාවතේදී ලොරියකට යටවී මවක සහ කුඩා දැරියක ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වී ඇත. ලොරියේ ටයර් පිපිරී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

කුරුණෑගල පොලීසිය තුළ දී පිහි ඇනුමක්

ඊයේ (15) පෙරවරුවේ කුරුණෑගල පොලිසිය තුලදී කාන්තාවකට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර තිබේ. මෙම කාන්තාවගේ අනියම් සැමියා විසින් පිහි ඇනුම සිදුකළ බවට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ජනපතිගෙන් පලස්තීනයට අමෙරිකානු ඩොලර් මිලියනයක ආධාරයක්

යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක ආධාර ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඇසිඩ් ගැහුවත් ගමන නොනවති

ඇසිඩ් ප‍්‍රහාරයනට ලක්වී මුහුණ විරූපී වුවත් තම පෙනුම ගැන ලැජ්ජාවට පත් නොවී ධෛර්යමත්ව සමාජය ඉදිරියට පැමිණ සිටින තරුණියන් පිරිසක් ගැන ඉන්දියාවෙන් වාර්තා වේ.

ලස්සන වීමට ගිය වෛද්‍යවරිය මියගියේ මෙහෙමයි

කොළඹ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ප‍්‍රකට රූපලාවන්‍යාගාරයෙන් ප‍්‍රතිකාර ගන්නට ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රියංගි අලූත්ගේ(47) නමැති වෛද්‍යවරියක ප්ලාස්ටික් සැත්කමට සූදානම් කළ එන්නතක් විෂවී ඊයේ(12) හදිසියේ මියගියාය. මේ සම්බන්ධව සැකකාර වෛද්‍ය නිමල් ගමගේ අත්අඩංගුවට ගත අතර ඊයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීන්දු කර ඇත්තේ ඔහුව තවත් දින 5ක් රිමාන්ඩ්

නිතිවිරෝධිව ඇත් පැටවෙකු ගෙනයමින් සිටි පිරිසක් පොලිසියට කොටුවේ

මහනුවර සිට මින්නේරියට ලොරියකින් ඇත් පැටවෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මාතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ පොලීසියට ලැබුණු තොරතුරකට අනූව මෙම වැටලීම කර ඇති අතර මාතලේ, බලකටුව ප්‍රදේශයේදී ඇත් පැටවා පොලිස් භාරයට ගෙන ඇත.

ලස්සන වීමට ගත් එන්නතෙන් වෛද්‍යවරියක් මරුට

බම්බලපිටිය විශාඛා පාරේ පිහිටි රූපලාවන්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගත් බව කියන වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෙබේකා නිර්මලී දිවියෙන් සමුගනී

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රෙබෙකා නිල්මිණි අද අළුයම මහරගම පිළිකා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇගේ වයස අවුරුදු 49කි.

පොළොන්නරුව අහසේ හඳුනානොගත් වස්තුවක් හා ශබ්දයක්

අනුරාධපුරය සහ පො‍ළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ජනතාව අහසේ හඳුනා නොගත් දීප්තිමත් එළියක් දැක තිබේ. එම ප්‍රදේශවාසීන් පවසන්නේ ගිනි බෝලයක් වැනි එය ටික වෙලාවකට පසු පුපුරා ගිය බවයි.

නිවසට පැන පහරදී දෙදෙනෙකු මරා දමයි

මීගහතැන්න, හේන්යාය ප්‍රදේශයේ දී නිවසකට ඇතුළු වූ කණ්ඩායමක් නිවැසියන්ට කළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 74 හැවිරිදි පියා සහ 42 හැවිරිදි ඔහුගේ පුතු බව පොලිසිය සඳහන් කරයි.