Monthly Archive:: August 2014

අල හා ළුණු බද්ද ඉහලට

අල ‍කි‍ලෝවක ආනයනික බද්ද රුපියල් 15කින්ද ලොකු ලූනූ කිලෝවක ආනයනික බද්ද රුපියල් 25කින්ද වැඩි කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

සිසුවාට පිහියෙන් ඇන ඇත්තේ පෙම් පළහිලව්වකටයි

ඊයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සිසුවෙකුට පිරිසක් විසින් පැමිණ පිහියෙන් එන බරපතල තුවාල සිධුකර පලාගොස් තිබුනා.

අඩුපාඩු සෙවීමට ගිය එජාප මන්ත්‍රීවරුන්ට විරෝධතා

මේ දිනවල රාජ්‍ය ආයතන වල පවතින අඩුපාඩු සොයා බැලීමට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද දුම්රිය සේවයේ පවතින අඩුපාඩු සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නියැලුනා. ඔවුන් පානදුර දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය මූලස්ථානයට පැමිණීමත් සමග එහි ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පස්සරදී කෝවිලක ගැටුමක්

පස්සර, ගෝනකැලේ ප‍්‍රදේශයේ කෝවිලක ඊයේ පැවති ගිනි පෑගීමේ උත්සවයක් අතරතුර පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

උ/පෙළ සිසුවාට පිහි පහරක්

අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවස බලා යමින් සිටි සිසුවෙකුට අම්බලන්ගොඩ නගරයේදී ඊයේ පස්වරුවේ පිරිසක් විසින් පිහියෙන් ඇන පලාගොස් තිබේ.

ඉබෝලා නිසා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

බටහිර අප්‍රිකානු රටවල පැතිර යමින් පවතින ඉබෝලා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

සමස්ත ලංකා සුවසේවා සංගමය නැවතත් වැඩ වර්ජනයකට සැරසෙයි

සමස්ත ලංකා සුවසේවා සංගම අගෝ. 13 වැනි දින වැඩවර්ජනයක් කැඳවීමට තීරණය කර තිබේ. එදින පෙ.ව. 6.30 සිට මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කරන බව අද (08) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කොරළේආරච්චි මහතා මේ බව කියා සිටියේය. සෞඛ්‍ය සේවාවේ 50, 000 කට ආසන්න සී සහ එම්.එන්. කාණ්ඩවල කාර්ය මණ්ඩලවල

විලියම් කුමරු සාමාන්‍ය රැකියාවකට යයි

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු පුද්ගලික ආයතනයක සේවය සඳහා යාමට සූදානම්ව සිටින බව වාර්තා වෙයි. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර ඔහු සේවය කිරීමට අපේක්ෂා කරන්නේ ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස බවයි.

නුවර පෙරහැරේදී අලියෙකු කුලප්පු වේ

මහනුවර ඇසල මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර ඊයේ (07) රාත‍්‍රියේ වීථි සංචාරය කර ගෙවැදීමට සුළු මොහොතකට පෙර හදිසියේ අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කළබලකාරි තත්ත්වය හේතුවෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගත කර ඇත. කෙසේ වෙතත් ඉක්මනින් අලියා මෙල්ල කරගැනීමට හැකිවී ඇති අතර විශාල හානියක් නොවූ බව වාර්තා වේ.

කඩුවත් සමග නිධන් හොරු හසුවේ

නිධානයකින් ගොඩගත් බවට සැකකෙරෙන රන් ආලේපිත අගල් 22 ක් දිගැති කඩුවක් සහ කඩුකොපුවක් හැටන් පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (07) පස්වරුවේ සොයා ගෙන තිබේ.