Monthly Archive:: August 2014

මාස හයේ දැරිය රු.30,000ට විකුණු මව

සපුගස්කන්ද – මිහිඳු උයන – හංවැල්ල ප‍්‍රදේශයේදී මාස 6 ක් වයසැති ගැහැණු දරුවෙකු රු.30,000 ක මුදලකට වෙනත් කාන්තාවකට විකුණු බව කියන මවක් සහ දැරිය මිලට ගත් කාන්තාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු

මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ දෝෂ ඇතැයි රුහුණ විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි සහ චන්දික ගුණසිංහ මහත්වරු පවසනවා.

සාක්ෂිකරුගේ මරණයට සහ ගුරුවරියට මරණ තර්ජන කිරීමට සම්බන්ධයක් නෑ – හිටපු මන්ත්‍රී පවසයි

නවගත්තේගම පාසල් ගුරුවරිය දණගැස්වීමේ නඩුවේ සිව්වන සාක්ෂිකරුවාගේ මරණයට හෝ පාසල් ගුරුවරියට මරණීය තර්ජනය කරමින් ලිපියක් යැවීමේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර මහතා නවගත්තේගම පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

දුම්රිය ඔසවා මගියා බේරාගනී

ඕස්ට්‍රේලියාවේ, පර්ත් දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවීම සඳහා ගිය මගියෙකුගේ පාදය දුම්රියේ හා දුම්රිය වේදීකාව අතර ඇති හිඩැස තුලට ගොස් හිරවී තිබේ. වේදිකාව සහ දුම්රිය අතර දුර ප්‍රමාණය සෙන්ටි මීටර් 5ක් තරම් වු ඉතා කෙටි ප්‍රමාණයක් වුවත් අදාළ මගියාගේ පාදය අහම්බෙන් මෙන් එම ස්ථානයේ සිරවී තිබේ.

හරීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

බදුල්ල දිස්ත්‍රීක්ක එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබේ. එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව මීට පෙර ඔහු දැනුම්දී තිබුණි.

සාක්ෂිකරුගේ මරණයෙන් පසු ගුරුවරියටද මරණ තර්ජන

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අය විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ප්‍රියානි සුසිලා ගුරුතුමිය දණ ගැස්සිමේ නඩුවේ සිව්වන සාක්ෂිකරු වූ පුණ්‍යසේන මහතාගේ සිරුර ළිඳක තිබී පසුගියදා සොයාගනු ලැබුවා. එම මරණය සම්බන්ධව පොලිස් පරීක්ෂණ කරගෙන යන අතරතුර ප්‍රියානි සුසිලා ගුරුතුමියටද ඊයේ (5) මරණ තර්ජනයක් එල්ලවී තිබේ.

සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කළුතර ප‍්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදකයෙකුගෙන් රුපියල් පන්ලක්ෂයක අල්ලසක් ලබා ගත් බවට චෝදනා ලැබූ සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ප‍්‍රධානි රොස්මන් ප‍්‍රනාන්දු අල්ලස් හා දූෂණ කොමිසම මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ භූමිකම්පාවෙන් 367ක් මරුට

නිරත දිග චීනයේ යුනෑන් ප්‍රාන්තයේ පසුගිය 3 වැනිදා සිදුවූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 367 දක්වා ඉහළගොස් තිබේ. තවත් පුද්ගලයින් 1400ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. භූමි කම්පාව රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් සටහන්ව ඇති අතර භූමිකම්පාවේ අපි කේන්ද්‍රයේ සිට කිලෝ මීටර 11 ක ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් නිවාස 12,000ක් පමණ සම්පූර්ණයෙන් ම

පුතෙකු සිය පියාට පහරදී ඝාතනය කරයි

පොළොන්නරුව, උදාකළගම,කලහාගල ප්‍රදේශයේ දි පුතෙකු විසින් සිදුකළ පහරදීමකින් සිය පියා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද(04) අලුයම ඇති වූ පවුල් ආරවුලකදි පුතා විසින් සිය පියාට පොල්ලකින් පහර දීමෙන් මෙම ඝාතනය සිදුව තිබේ.

දම්වැලකින් බැඳ තිබූ දැරියක් මීගමුවේ නිවසකින් සොයාගනී

කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දම්වැල් දමා බැඳ සිටි 10 හැවිරිදි දැරියක් ඊයේ පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ. පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ උදෑසන එම දැරිය සොයාගත් බව පොලීසිය පවසයි.