Monthly Archive:: August 2014

දිනිදු පුතු ජනපති හමුවෙයි

ගල්ගමුව – මීගලෑව ප‍්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වී සොයාගන්නා ලද දිනිඳු යශේන් දරුවා සිය දෙමව්පියන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

බඳින තුවක්කුව පත්තුවී සිසුවෙකු මියයයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද කැලයක දී බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් අනුරාධපුර, ඇලපත්ගම ප්‍රදේශයේ පදිංචි වයස 14 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික සරණාගතයින් ගණන ඉහළට

ආරක්ෂාව සහ සරණාගත භාවය පතා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 2013 – 2014 කාලය තුළ මෙරට රැකවරණය පතන විදේශිකයින්ගේ සංඛ්‍යාව සියයට 700කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ගුරුවරිය දණ ගැස්වූ සිද්ධියේ සාක්ෂිකරුවෙකුගේ සිරුර ළිඳක

නවගත්තේගම ඉසුරු මහා විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකුගේ මළ සිරුර පාළු ළිඳක තිබී ඊයේ (01) හමුවූ බව නවගත්තේගම පොලීසිය ප‍්‍රකාශ කළා.

කොළඹ ප්‍රදේශ රැසක පැය 36ට ජලය කපයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (02) පෙරවරු 09.00 සිට පසුදින රාත්‍රි 09.00 දක්වා පැය 36ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කෝට්ටේ මහනගර සභා බල ප‍්‍රදේශය, බත්තරමුල්ල, මාලඹේ, තලංගම, කොස්වත්ත, කළපළුවාව, හල්බරාව, තලවතුගොඩ, කලල්ගොඩ, හෝකන්දර, ජයවඩනගම සහ ඒ අවට ප‍්‍රදේශවලට මේ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.

මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමුවන කුඹල් පෙරහැර අද (01) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

දරුවා පැහැරගෙන දින 4යි – මෙතෙක් හෝඩුවාවක් නොලැබේ

ගල්ගමුව – මීගලෑව ප‍්‍රදේශයේ වී මෝල් හිමියකු වන මහින්ද කුමාර මහතාගේ සිව් හැවිරිදි පුතු දිනිඳු යශේන් ඒකනායක පැහැර ගෙන ගොස් මේ වන විට දින 4ක් ගත වී ඇත. නමුත් දරුවා පිලිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් නොලැබුණු බව පොලිසිය පවසයි.