Monthly Archive:: September 2014
30 Sep 2014
ශෂීන්ද්‍ර ඇතුළු සන්ධාන මන්ත්‍රීවරුන් අද දිවුරුම් දෙයි
![aWYhZb2[1]](https://truth.lk/wp-content/uploads/2014/09/aWYhZb21.jpg)
ඌව පළාත් සභාවට තේරී පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද (30) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
30 Sep 2014
රත්නපුරේදී මොකද වුණේ? – ගුටි කෑ ස්ත්‍රීය පවසයි
![bhQS4Cn[1]](https://truth.lk/wp-content/uploads/2014/09/bhQS4Cn1.jpg)
රත්නපුරයේදී පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික පහර කෑමට ලක්වන කාන්තාවකගේ වීඩියෝවක් පසුගිය දින වල අන්තර්ජාලය පුර කතා බහට ලක්විය. දැන් මෙම සිද්ධියේ සියලු කාරණා අනාවරණය වී අවසන්ය. ඒ පහරකෑමට ලක්වන කාන්තාව සද්ධිය මාධ්‍යට පැවසීමත් සමගයි. එම කාන්තාව තමාට පොලිස් සැරයන්වරයා විසින් පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව පවසයි.
29 Sep 2014
කාන්තාවකට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරියා
![qgcEgVR[1]](https://truth.lk/wp-content/uploads/2014/09/qgcEgVR1.jpg)
පසුගිය කාලයේ වාරියපොළදී තරුණියක් තරුණයෙකුට පහරදෙන සිද්ධියක වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමෙන් එම සිද්ධිය රට පුරා අන්දොලනාත්මක සිද්ධියක් බවට පත්විය. නැවතත් එවැනි වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. ඒ පොලිස් නිලධාරියෙකු කාන්තාවකට අමානුෂික අන්දමට පහර දෙන දර්ශන ඇතුලත් එකකි.
29 Sep 2014
ජයලලිතාගේ තැන පන්නීර් සෙල්වම්ට
![GSdqHSf[1]](https://truth.lk/wp-content/uploads/2014/09/GSdqHSf1.jpg)
ඉන්දියා රුපියල් කෝටි 60කට වැඩි මුදලක් උපයා ගත් අයුරු හෙළි කළ නොහැකි වීම නිසා සිව් වසරක් හිට ගෙට නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ හිතමිතුරු පනීර් සෙල්වම් මහ ඇමැති පදවියට නම් කර ඇත.
28 Sep 2014
තම මාමණ්ඩිය ඝාතනය කල බෑණා
![hxOot0M[1]](https://truth.lk/wp-content/uploads/2014/09/hxOot0M1.jpg)
ගිනිගත්හේන, කොළනිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පහර දීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇති බව සඳහන් වෙයි.
28 Sep 2014
ජයලලිතාට වසර හතරක සිර දඬුවම්
![9NnaMMz[1]](https://truth.lk/wp-content/uploads/2014/09/9NnaMMz1.jpg)
ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට වසර හතරක සිර දඬුවම් බැංගලෝර් අධිකරණය විසින් නියම කර තිබේ. සිමා රහිත ලෙස වත්කම් එකතු කරගෙන අයථා ලෙස සිය වත්කම් හෙළි කිරීම සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් මහත්මියට චෝදනා එල්ල වී තිබුණි.
27 Sep 2014
ගිණුම් දත්ත සැපයීමට බැංකුව ඇ.ඩො 472,200ක් ඉල්ලයි
![IjzgmU5[1]](https://truth.lk/wp-content/uploads/2014/09/IjzgmU51.jpg)
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ වත්කම් හා බැරකම් නඩුවට අදාළ සාක්ෂි වශයෙන් දත්ත ලබාදීමට නම් අමෙරිකානු ඩොලර් 472,200ක් අවශ්‍ය බව අදාළ බැංකුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවසා තිබේ.
27 Sep 2014
ලකේගලින් ඇද වැටී තරුණයෙකු මියයයි
![HMGNJX7[1]](https://truth.lk/wp-content/uploads/2014/09/HMGNJX71.jpg)
නකල්ස් හෙවත් දුම්බර මිටියාවතේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි ලකේගල කඳුවැටිය තරණය කරන්නට ගිය පිරිසකගෙන් කෙනකු මීටර 1310 පමණ උසකින් වැටී මියගිය බව පොලිසිය පවසයි. කන්ද තරණය කරමින් සිටියදී ආධාරක ලණුව කැඞී යාම නිසා ලකේගල පාමුලට ඇද වැටී තරුණයා මියගොස් ඇත.
26 Sep 2014
විහිළුවක් ගිය දුර
![4IGskMf[1]](https://truth.lk/wp-content/uploads/2014/09/4IGskMf1.jpg)
නිට්ටඹුව රන්පොකුණුගම මහා විද්‍යාලයේ උසස්පෙළ පංතියකදී කෙරුණු විහිළුවක් නිසා සිසුවෙකුගේ පසු ප්‍රදේශයේ යකඩ කූරක් ඇනී ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කර පුවතක් වාර්තා වේ.
26 Sep 2014
ඉන්දියාවේ සත්තු වත්තකදී ව්යාඝ්රයකුට ගොදුරුවී තරුණයෙකු මියයයි
![LNTl8o4[1]](https://truth.lk/wp-content/uploads/2014/09/LNTl8o41.jpg)
ඉන්දියාවේ දිල්ලි සත්තු වත්තේ සුදු ව්යාඝ්රයකුට ගොදුරුවී නරඹන්නෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි මක්සුද් නැමති තරුණයෙකි. සත්තු වත්තේ සුදු ව්යාඝ්රයින් නැරඹීම සඳහා ඇති ආරක්ෂිත තාප්පයෙන් මොහු ඇතුලට ගොස් ඇත.