Monthly Archive:: September 2014
25 Sep 2014
නැවතත් ඌව මහ ඇමති ශෂීන්ද්‍ර – ජනතාවගේ මහ ඇමැති හරින්
![jfau6tc[1]](https://truth.lk/wp-content/uploads/2014/09/jfau6tc1.jpg)
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දෙවන වතාවටත් ඌව පළාතේ මහඇමති ලෙස ලබන 30 වැනිදා පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට නියමිත බව ඌව ආණ්ඩුකාර සී. නන්දමැතිව් මහතා පවසයි.
25 Sep 2014
රුපියල් 800ට ළමයෙකු කල අපරාධයක්
![iTyDjMo[1]](https://truth.lk/wp-content/uploads/2014/09/iTyDjMo1.jpg)
වයස අවුරුදු 13ක ළමයෙකු රුපියල් 800ක් ඉල්ලා නුදුන්නැයි ඇති වූ කේන්තියෙන් කල පහරදීමකින් බලංගොඩ, එගොඩ වලේබඩ, තැන්පංගුව ප්‍රදේශයේ අවුරුදු 103ක් වයසැති කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ පස්වරු 5.30ට පමණ මෙය සිදුව ඇති බව වාර්තා වෙයි.
24 Sep 2014
උදය ගම්මන්පිල ඉල්ලා අස්වෙයිද?
![O0xERIi[1]](https://truth.lk/wp-content/uploads/2014/09/O0xERIi1.jpg)
ඌව පළාත් මැතිවරණයට පෙර පවතී රුපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වෙමින් කර්මාන්ත ඇමති උදය ගම්මන්පිල මහතා හරින් ප්‍රනාන්දු මහතාට අභියෝග කරමින් කියා සිටියේ හරින් ප්‍රනාන්දු මහතා පෝස්ටර් නොගසා මැතිවරණ ව්‍යාපාරය කර මනාප 50000ට වඩා ගතහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වන බවය.
24 Sep 2014
එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත්
![mYDkEtQ[1]](https://truth.lk/wp-content/uploads/2014/09/mYDkEtQ1.jpg)
එ.ජා.ප. නියෝජ්‍ය නායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ. පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී ඊයේ (23) සවස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් රැස්වු එකසත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රෙමදාස මහතා නියෝජ්‍ය නායක ලෙස ඒකමතිකව පත් කළේය.
23 Sep 2014
ෆේස්බුක් නිසා තවත් ජිවිතයක් අහිමි වෙයි
![A28baDG[1]](https://truth.lk/wp-content/uploads/2014/09/A28baDG1.jpg)
ෆේස්බුක් මගින් දැන හැඳිනගෙන ඇතිවූ ආදර සම්බන්ධතායක් බිඳ වැටීම නිසා තරුණයෙකු තම පෙම්වතියගේ නිවසටම ගොස් වස පානය කර දිවි නසා ගැනීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවේ.
23 Sep 2014
හාලිඇළදී හරීන්ට ප්‍රහාරයක්
![bGod1WO[1]](https://truth.lk/wp-content/uploads/2014/09/bGod1WO1-150x150.png)
එ.ජා.ප. හාලිඇළ නගරයේ ස්ථාපනය කර තිබු මැතිවරණ කාර්යාලයකට හා එම ස්ථානයේ සිටි දේශපාලන ආධාරකරුවන් පිරිසකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එජාපයෙන් ඌව පළාත් සභාවට තේරීපත්වූ හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
22 Sep 2014
ඌවට තේරුණු මන්ත්‍රීන්ගේ නම් මේ සතියේ ගැසට් පත්‍රයට
![xTQcHcQ[1]](https://truth.lk/wp-content/uploads/2014/09/xTQcHcQ1.jpg)
ඌව පළාත් සභාව සඳහා තෝරා ගැනෙන අපේක්ෂකයින්ගේ නාම ලේඛන මෙම සතිය තුළ ගැසට් කිරිමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
22 Sep 2014
ඇමති ටි.බී .ගේ කැඩුණු සපත්තු 2ට කෝටි ගණනක ඉල්ලුමක්
![6ARt5lO[1]](https://truth.lk/wp-content/uploads/2014/09/6ARt5lO1.jpg)
චීන ජනපති ෂි ජින්පින් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී කෙරුණු ගිවිසුම් අත්සන් තැබීමකට සංස්කෘතික ඇමති ටි.බි ඒකනායක මහතා පැළඳ සිටි සපත්තු දෙකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා. ඒ එතුමාගේ සපත්තු දෙකේ අඩි ගැලවී තිබීම හේතුවෙනි.
21 Sep 2014
දරුවන් දෙදෙනා සමඟ මව මුහුදට පැනලා
![JbCQXIb[1]](https://truth.lk/wp-content/uploads/2014/09/JbCQXIb1.jpg)
ත්‍රිකුණාමලය, කෝනේෂ්වරම් කෝවිල අසළදි මවක් සිය දරු දෙදෙනා සමඟ මුහුදට පැන සියදිවි හානි කරගැනිමට උත්සහ දරා තිබේ. ඊයේ පස්වරු 01.00ට පමණ මෙය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
21 Sep 2014
සන්ධානය ඌව දිනයි
![3SQ7yTZ[1]](https://truth.lk/wp-content/uploads/2014/09/3SQ7yTZ1.jpg)
ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ක් ප්‍රසාද මන්ත්‍රී ආසන 2ද සමගින් මන්ත්‍රී ආසන 19ක්ද, ලබාගෙන තිබේ.