Monthly Archive:: September 2014
05 Sep 2014
අහමඩ් ශේෂාඩ්ට විනය පරීක්ෂණ
![nkp3PBY[1]](https://truth.lk/wp-content/uploads/2014/09/nkp3PBY1.jpg)
පසුගිය 30 වනදා දඹුල්ලේ පැවති ශ්‍රී ලංකා පකිස්ථාන අවසන් එක්දින තරගය අවසාන වී ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය වෙත යන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අසලට පැමිණ පකිස්තානු ක්‍රීඩක අහමඩ් ශේෂාඩ් ඩිල්ෂාන්ට කල ආගමික ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට පකිස්ථානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
05 Sep 2014
සියදිවි නසාගැනීමෙන් සිව්වන තැන ශ්‍රී ලංකාවට
![AzHgDqz[1]](https://truth.lk/wp-content/uploads/2014/09/AzHgDqz1.jpg)
ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවල් 172ක් ඇසුරින් කරන ලද ශ්‍රේණිගත කිරීමකදී ලොව වැඩියෙන්ම සිය දිවි නසාගන්නා රටවල් අතුරින් ශ්‍රී ලංකාවට සිව් වන ස්ථානය හිමිව තිබේ.
04 Sep 2014
මැතිව්ස්ට සංගාට සම්මාන
![2PCn7YW[1]](https://truth.lk/wp-content/uploads/2014/09/2PCn7YW1.jpg)
2014 ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන තිළිණ ප්රදානය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. එහිදී වසරේ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ද,ජනතාවගේ ජනප්‍රිය ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාරද සම්මානයට පාත්රවී තිබේ.
04 Sep 2014
වාස් ගුණවර්ධනගේ නිවස ඉදිරිපිට බෝම්බයක්
![yLEdb5n[1]](https://truth.lk/wp-content/uploads/2014/09/yLEdb5n1.jpg)
දෙහිවල – නැදිමාල බෝධිරාජාරාම මාවතේ පිහිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ දෙමහල් නිවස ඉදිරිපිට සියඹලා ගසක් යට තිබී සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබෙ.
03 Sep 2014
විද්‍යුත් හැඳුනුම්පතට නව නීති
![glo7AIj[1]](https://truth.lk/wp-content/uploads/2014/09/glo7AIj1.jpg)
යෝජිත විද්‍යුත් හැඳුනුම්පත ලබාදීමේ දී තොරතුරු ලබා ගැනීම සඳහා පවතින නීති කෙටුම්පත් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආර්.එම්.එස්.සරත් කුමාර මහතා පවසයි.
03 Sep 2014
දෙමටගොඩ රාජා යළි අත්අඩංගුවට
![y5jwMLf[1]](https://truth.lk/wp-content/uploads/2014/09/y5jwMLf1.jpg)
හෙරොයින් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටියදී පළාගිය හව්පිලියනගේ සමන් නොහොත් “දෙමටගොඩ රාජා” අත්අඩංගුවට ගෙන තිබේ.
02 Sep 2014
නිළියන්ගේ නිරුවත් ඡායාරූප පළ කළ අය අමාරුවේ වැටෙයි
![zctRIVx[1]](https://truth.lk/wp-content/uploads/2014/09/zctRIVx1.jpg)
බටහිර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
02 Sep 2014
තැපැල් සේවකයිනුත් වර්ජනයේ
![CZcCZrx[1]](https://truth.lk/wp-content/uploads/2014/09/CZcCZrx1.jpg)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (2) මධ්‍යම රාත්‍රීයේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා තැපැල් වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරයි.
01 Sep 2014
එල්.ටී.ටී.ඊය නැවත ප්රතිසංවිධානයවීමේ සුදානමක්
![6aTodJ0[1]](https://truth.lk/wp-content/uploads/2014/09/6aTodJ01.jpg)
එල්.ටී.ටී.ඊ. ය නැවත ඕස්ටේ්රලියාව තුළ ප්රතිසංවිධානයවීමේ සුදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා ඕස්ටේ්රලියාව බලා යාමට සූදානම්ව සිටි මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් ඉන්දියාවේ ප්රකාශම් මුහුදු තීරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර එම පිරිසගෙන් මෙම තොරතුරු අනාවරණය වි ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
01 Sep 2014
මවගේ පහරදීමෙන් සය හැවිරිදි දැරියක් මියයයි
![NIvge68[1]](https://truth.lk/wp-content/uploads/2014/09/NIvge681.jpg)
බේරුවලදී පියෙකුගේ අමානුෂික පහරදීමකින් අවුරුදු එක හමාරක දැරියක මියයාමේ සිද්ධියෙන් පසු මවකගේ අමානුෂික පහරදීම නිසා අවුරුදු 6ක දැරියක් මියගිය තවත් ඛේදනීය පුවතක් වැල්ලම්පිටියෙන් ද වාර්තා වේ.