Monthly Archive:: October 2014

නකල්ස් ගිය ජර්මන් කත අතුරුදහන් – පැය 30ක මෙහෙයුමකින් පසු සොයා ගනී

පසුගිය සිකුරාදා (24) නකල්ස් තරණය කිරීම සඳහා ගොස් සිටි විදේශ ජාතික කණ්ඩායමක එක කාන්තාවක් කණ්ඩායමෙන් මග හැරී අතුරුදහන්ව තිබේ. ජර්මන් ජාතික කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමි තුන්දෙනෙකු දේශීය මග පෙන්වන්නෙකුගේ ද සහය ඇතිව ඔවුන් නකල්ස් රක්ෂිතය තරණය කිරීම ආරම්භ කර තිබුණේ මීමුරේ මාර්ගයේ ඩීන්ස්ටන් ප්‍රදේශයෙනි.

වාහන බදු සහන හෙට සිට

වාහන ආනයනය කිරීමේදී මෙවර අය – වැයෙන් හඳුන්වා දුන් විශේෂිත බදු ක‍්‍රමය තමන්ට වාසිදායක බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එමෙන්ම අයවැයෙන් ලබාදුන් බදු සහන අනුව ලැබෙන වාසිය පාරිභෝගිකයන්ට ලබාදෙන බවද එම සංගමය පවසයි.

අයවැය ගැන පක්ෂ විපක්ෂ අදහස්

ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීන් ඒ පිලිබඳ විවිධ අදහස් දක්වන ලදී. බොහෝ විපක්ෂ මැති ඇමතිවරුන් කියා සිටියේ මෙය එළඹෙන ජනාධිපතිවරණය උදෙසා ජනතාව මුලා කිරීමට සැකසු අයවැයක් බවයි.

2015 අයවැයෙන් සහන රැසක්

2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එය සන්ධාන ආණ්ඩුවේ 10 ව අයවැය වන අතර එය ලංකා ඉතිහාසයේ 69 වන අයවැයයි. පඩි වැඩිවීම්, බදු සහන, පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම්, ඉතිරි කිරීම් සඳහා ඉහළ පොලී, විශ‍්‍රාමික ප‍්‍රතිලාභ මෙන් ම විවිධ සහනාධාර හා

හොරණදී අතුරුදන් වූ දරුවා අනුරපුරෙන් සොයා ගැනේ

පසුගියදා වාර්තා වුයේ අවුරුද්දකට පමණ පෙර අම්බලන්ගොඩදී පැහැරගැනීමට ලක්වූ දරුවෙකු දඹුල්ල නගරයේදී සොයාගැනුණු පුවතකි. නැවතත් එවැනිම පුවතක් වාර්තා වන අතර හොරණ ප්‍රදේශයේදී ඊයේ දිනයේ අතුරුදහන් වූ දරුවා අද උදෑසන අනුරාධපුරයෙන් සොයාගෙන තිබේ.

2015 වසරට අදාල අයවැය අද පාර්ලිමේන්තුවට

2015 වසරට අදාළ අයවැය ලේඛණය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අයවැය ලේඛණය ඉදිරිපත් කරනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන 10 වන අයවැය මෙය වන අතර නිදහසින් පසු ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන 69 වන අයවැය

කහවත්ත කොටකෙතනේ කාන්තා මළ සිරුරක්

රත්නපුර කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි කාන්තාවකගේ මළසිරුරක් සොයාගැනීමට පොලිසිය ඊයේ (22) සමත් විය. ඒ කහවත්ත කොතකෙතන ගඟේ පාවෙමින් තිබියදීය. මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි ජේ.තිලකරානි නමැති දෙදරු මවකි.

නැතිවූ දරුවා අවුරුද්දකට පසු යළි හමුවේ

මිට වසරකට පෙර අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ දී පැහැරගැනීමට ලකිවු එවකට දෙහැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවෙකු දඹුල්ල නගරයේ යාචකයකු ළඟින් ඊයේ (22) සොයාගත් බව පොලිසිය පවසයි. දරුවා එසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඔහුගේ මිත්තණිය සමග අම්බලන්ගොඩ බස් නැවතුමේ සිටින විටයි.

අරවින්දගේ නිවසට හොරු පනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වූ අරවින්ද සිල්වාගේ නිවසට හොරෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 51ක් පමණ වටිනා මුදල් තොගයක් සොරාගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහි ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 12ක් සහ විදෙස් මුදල් වලින් යෙන් , ඕස්ට්‍රේලියන් ඩොලර් සහ සිංගප්පුරු මුදල් ඒකක තිබී ඇත.

පෙම්වතිය ඝාතනය කළ පිස්ටෝරියස් අවුරුදු 5ට හිරේ

තම පෙම්වතිය වූ රීවා සිටීන්කෑම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට ඊයේ (21) වසර 5ක සිරදඬුවම් නියම කර තිබේ.