Monthly Archive:: October 2014

ධිවරයින්ට එල්ලවූ ප්‍රහාරය ගැන රජයෙන් පරීක්ෂණ

ධීවර අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවු ගැටුම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය ආයතන පරිශ්‍රයක් තුළ ධීවර ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවු පහරදීම සම්බන්ධයෙන් රජය කණගාටුව පළ කරන බව ද සඳහන් වෙයි.

හෙට දිනයේ සුරාසැල් වැසේ

දීපාවලී උත්සවය නිමිත්තෙන් දිවයින පුරා සියලූම සුරාසැල් හෙට (22) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් කර ඇති බවයි.

සතුටට ගැසූ කරණම ක්‍රීඩකයාට මරු කැඳවයි

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන මිසොරම් ප්‍රමියර් ලීග පාපන්දු තරගාවලියේදී ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. ඒ ලකුණක් ලබා ගැනීමේ සතුට සැමරීමට කරණමක් ගැසූ පාපන්දු කී‍්‍රඩකයෙකු කරණම වැරදී හිස පොළවේ වැදී සුසුම්නාවට සිදුවූ ආබාධයන් නිසාවෙන් ජිවිතක්ෂයට පත්වීමයි.

ගල් මුල් ප්‍රහාර මැද්දේ ධීවර උද්ඝෝෂණය

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ධීවරයින් 500ට අධික පිරිසක් ඊයේ කොළඹ, මාළිගාවත්තේ පිහිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ. විරෝධතාවය සඳහා හලාවත, කල්පිටිය, වෙන්නප්පුව, මිගමුව, තලවිල සහ තොඩුවාව යන ප්‍රදේශවල ධීවරයින් එක්ව සිටි බව වාර්තා වේ.

පියඹා ගියේ පිටසක්වල ජිවියෙක්ද?

හඳුනා නොගත් පියාසර වස්තුවක් පිලිබඳ නවතම පුවතක් වාර්තා වේ. airbus 320 වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනෙකු විසින් අහසේ පියාඹන මිනිසෙකුට සමාන රුවක් ඇති වස්තුවක් දැක ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමයේ තීරණයට එරෙහිව අත්සන් ලබාගනියි

යුරෝපා සංගමය කොටි සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර පනවා තිබූ තහනම ඉවත් කිරීමට විරෝධය ප‍්‍රකාශ කිරීම සඳහා ශ‍්‍රී ලාංකික ජනතාවගේ අත්සන් එකතු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජලය පිරවූ බඳුනකට වැටී කුඩා දරුවෙකු මියයයි

වැසි ජලය එක්රැස් කර ගැනීම සඳහා තබා තිබූ විශාල ප‍්‍රමාණයේ ප්ලාස්ටික් භාජනයකට වැටීමෙන් කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හලාවත විජයකටුපොත ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 1යි මාස 11ක් වයසැති එල්.පී. අදීෂ අනුහස් නමැති දරුවෙකි.

බැරක් ඔබාමාගේ ක්‍රෙඩිට් කාඩ් පත ප‍්‍රතික්ෂේප වෙයි

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට පසුගිය දිනක ආපනශාලාවක් තුළදී අනපේක්ෂිත සිදු වීමකට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ ඔහු තම බිරිඳ මිෂෙල් ඔබාමා සමග රාත්‍රී ආහාරය සඳහා නිව්යෝක්හි ආපනශාලාවකට ගිය අවස්ථාවේදී ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.

දෙව්රම්වෙහෙරේ සීදේවී අලියා මියයයි

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ රදවා ගෙන සිටි සීදේවී නමැති අලියා අද උදෑසන මියගොස් තිබෙනවා. පරිසරවේදීන් පැවසුවේ පාදයක තිබූ තුවාලයක් හේතුවෙන් මෙම අලියා දැඩි ලෙස රෝගාතුරු වී සිටි බවයි. ඔවුන් පවසන්නේ අලියාගේ පාදයේ තිබු එම තුවාලය ස්වභාවික හේතුවක් නිසා හෝ අනතුරක් නිසා සිදු නොවිය හැකි එකක් බවයි.

බොහෝ ප‍්‍රදේශවලට තද වැසි – පහත් බිම් රැසක් යටවෙයි

සතියක් පුර පැවති තද වැසි තත්වය සහ දැඩි සුළං දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි ලෙස බලපෑ ඇත. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ දිස්ත‍්‍රික්ක 6 ක පවුල් 677 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් දිවයින අවට වායු ගෝලයේ පවතින කැලඹිලිකාරී තත්තවය අද දිනයේ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ