Monthly Archive:: October 2014

පෙම්වතාගේ පිහි පහරින් පාසල් සිසුවිය මියයයි

තම පෙම්වතා පිහියකින් සිදුකළ පහරදීමකින් ගල්ගමුව ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් මියගොස් තිබෙ. මෙලෙස මියගොස් ඇත්තේ ගිරිබාව, ඔරුගල, සාලිය අශෝකපුර පදිංචි කාවින්දි සදුෂානි ප්‍රනාන්දු නම් 16 හැවිරිදි පාසල් සිසුවියකි. ඇය සාලිය අශෝකපුර, සිරිමාපුර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත. ඇය 12 හැවිරිදි වියේදී පටන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවයේ යෙදෙන තරුණයකු සමග පෙම් සම්බන්ධතාවක්

ජයලලිතාට ඇප

ඉන්දීය රුපියල් කෝටි 66 ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 27 වනදා ජයලලිතා ඇතුළු කිහිප දෙනෙකුට බැංගලෝර් අධිකරණයකින් සිව්වසරක සිරදඬුවමක් නියම විය. එකී දඬුවමට එරෙහිව තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම් කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක්ද පසුගිය 7 වැනිදා ප්‍රතික්ෂේප වුණි. එහෙත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් වූ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී ඇයට ඊයේ (17) ඇප

ෆොන්සේකාගේ නම ඡන්ද නාමලේඛනයෙන් ඉවතට

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ නම 2014 ඡන්ද හිමි නාමලේඛණයෙන් ඉවත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමසාරිස්‌වරයාට උපදෙස්‌ දී තිබේ.

යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරයි

යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ෆේස්බුක් සටහනකින් මියයන බව පවසා දිවිනසාගත් සිසුවා

තම දිවි හානි කරගන්නා බව ෆේස්බුක් ගිණුමේ සටහන්කොට ගෙල වැලලාගනිමට යොදාගත් ලණුවේ ඡායාරූපයක්ද ෆේස්බුක් වෙත එක්කොට පාසල් සිසුවෙකු දිවි නසාගෙන තිබේ. මෙලෙස ගෙල වැලලාගෙන ඇත්තේ ඉරේෂ් දිල්ෂාන් නමැති 18 හැවිරිදි පාසල් සිසුවෙකි.

යුරෝපයෙන් මෙරට මාළු මිලදී ගැනීම නවතයි

යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවෙන් මිලදී ගනු ලබන මත්ස්‍ය නිෂ්පාදන නවතා දැමීමට සූදානම් වන බව වාර්තා වේ. ශ්‍රී ලංකාව මගින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම තීරණයට එළඹි බව යුරෝපා කොමිසම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තරුණියන් රවටා නිරුවත් ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

පාසල් ශිෂ්‍යාවන් සහ වෙනත් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

ජනාධිපතිතුමාට තෙවරක් නොව පස් වරක් වුනත් ඉල්ලන්න පුළුවන්

කඩුවෙල මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගී වූ පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන් වරක් නොව පස්වරක් වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

යාල්දේවි නැවතත් යාපනයට

අලුතින් ඉදි කරන ලද යාපනය දුම්රිය ස්ථානය විවෘත කිරීමත් යාල්දේවි දුම්රිය නැවත යාපනය දක්වා ගමන් කිරීමත් ඊයේ (13) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. යාල්දේවි දුම්රිය මෙලෙස යාපනය දක්වා නැවත ගමන් ආරම්භ කලේ වසර 24කට පසුව වීම විශේෂත්වයකි.

මත්පැන් දුම්වැටි මිල ඉහළට

දුම්වැටි, අරක්කු සහ බියර් මිල ගණන් වහා ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමීමට රජය පියවර ගෙන තිබේ.