Monthly Archive:: October 2014

Red Bull පාරිභෝගිකයින්ට වන්දි ගෙවයි

රෙඩ්බුල් ශක්තිජනක පානය බොනලද පාරිභොගිකයින්ට වන්දි ගෙවන ලෙස එම සමාගමට අධිකරණ නියෝගයක් නිකුත්කර තිබේ. ඇමරිකානු අධිකරණයක් මගින් දී ඇති තීන්දුවක් අනුව මෙලෙස සිය පාරිභෝගිකයින් මිලියන 1. 3 කට වන්දි ගෙවීමට එම සමාගමට සිදුවී තිබේ.

බට්ටිට පහරදුන් පොලිස් නිලධාරියා නැවතත් සේවයට

රත්නපුර නගරයේදී කාන්තාවකට පහරදීමේ චෝදනා මත සේවයෙන් තාවකාලිකව ඉවත් කර සිටි පොලිස් නිලධාරියා යළි රාජකාරී සඳහා අනුයුක්ත කර තිබේ. ඒ අනූව එම නිලධාරියා අවිස්සාවේල්ල පොලීසියට අනුයුක්තව සේවය කිරීම සඳහා පත්කර ඇත.

ජනේලයක් හිසමත වැටීමෙන් දරුවෙකු මියයයි

කුඩා දරුවන්ගේ නොදැනුවත්කම හේතුවෙන් විවිධ අනතුරු සිදුවිය හැකි බැවින් දෙමව්පියන් තමන්ගේ කුඩා දරුවන් ගැන නිතර අවධානයෙන් සිටිය යුතුය. මොහොතකට එම අවධානය මග හැරීමෙන් සිදුවූ අවාසනාවන්ත පුවතක් කළුතර පලාතොට ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොදු අපේක්ෂක මමයි – තෙවැනි වරත් තරඟ කර ජයගන්නවා : ජනපති

තුන්වැනි වරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග‍්‍රහණය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි. එමෙන්ම සිටින හොඳම පොදු අපේක්ෂකයා තමන් බවද එතුමා පැවසුවේය.

අධිවේගී මාර්ගයේ ආසන වෙන්කරගන්න නවතම ක්‍රමයක්

ජංගම දුරකථනයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මෙම මස 21 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව එම කොමිසන් සභාව සඳහන් කළේය.

රන්කොත් විහාරයේදී කාන්තාවක් ඝාතනය කෙරේ

පානදුර නගරයේ පිහිටි රන්කොත් විහාරස්ථානයේ බෝමළුවේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ මොරටුව හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි.

දුම්රිය වර්ජනය නවතයි

දින 3කට ආසන්න කාලයක් කි‍්‍රයාත්මක වූ දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වූ මගීන් තුන්දෙනෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම දුම්රිය වර්ජනය අත්හිටුවාලමින් ඊයේ දහවල් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

බුදු හිමිට නිගරු කල playboy ඡායාරූප ඉවත් කරගනී

බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් පසුගියදා නිකුත් කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ මෙම ඡායාරූප ප්‍රසිද්ධ වීමත් සමග ලොවපුරා බෞද්ධ ජනතාව අතර දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබු අතර ඔවුන් මෙයට දැඩි ලෙස විරෝධය දක්වනු ලැබුහ.

සාකච්ඡා අසාර්ථකයි. – දුම්රිය වර්ජනය තවදුරටත්

වැටුප් විෂමතා මුල්කර ගනිමින් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රේණිගත දුම්රිය වෘත්තීය සමිති එකමුතුව පවසයි. වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර විසඳුමකට පැමිණීම සඳහා ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සමග පැවැති සාකච්ඡා ද සාර්ථක නොවු බව එම වෘත්තීය සමිති පවසයි.

ගෑස් මිල රුපියල් 250කින් අඩුවේ

ඊයේ (09) දින කැලණියේදී පැවැති විශ්‍රාමිකයින්ගේ දින සැමරුම් උත්සවයට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කරන ලෙසට අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.