Monthly Archive:: October 2014

පාසල් සිසුවිය ගැබිණියක් කර පෙම්වතා පලායයි

වයස අවුරුදු 15 යි මාස 07 ක පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව මාරවිල පොලීසිය කියයි.

Facebook සමාගම WhatsApp මිලදී ගනී

ෆේස්බුක් සමාගම ලොව ජනප්‍රියතම පණිවුඩ හුවමාරු සේවාවක් වන WhatsApp messenger මිලදී ගැනීමේ සූදානම්ක් ඇති බව මිට පෙර වාර්තා පල වූ නමුත් ඒ පිළිබඳව වැඩිදුර විස්තර වාර්තා වූයේ නැත. නමුත් ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම පවසා තිබුනේ WhatsApp messenger සේවාව මිලදී ගැනීමේ කටයුත්ත සාර්ථක ලෙස නිමවූ බවයි.

ළිඳකට පැන දරුවෙකු බේරා ගත් සෙබළුන් දෙදෙනා

අඩි 20ක් පමණ ගැඹුරු ළිඳකට වැටුණ වයස අවුරුදු එකහමාරක දරුවෙකු බේරා ගැනීමට යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සමත්ව තිබේ.

අද මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව අද (08) මධ්‍යම රාත‍්‍රියේ සිට පැය 24 ක වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙ. දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන්, නියාමකවරුන් සහ අධීක්ෂක නිලධාරින් ඇතුලූ ශ්‍රේණි 11 ක් ඊට සහය පළ කර ඇති බව සඳහන්ය.

බට්ටීට සහය දෙන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි

පොලිස් නිලධාරියෙකුගෙන් රත්නපුර බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පහරකෑමට ලක්වූ කාන්තිලතා නොහොත් බට්ටි ඇයට වූ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටි. ඇයට සහය පල කිරීම සඳහා විවිධ සංවිධාන රැසක්ද ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

මල්ලිගේ පොරෝ පහරින් අයියා මියයයි

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග ගොස් බාල සොහොයුරා එල්ල කළ පොරොව පහරකින් වැඩිමහල් සහෝදරයා මියයාමේ පුවතක් ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන රංජුරාව, මැඩිල්ල හත්ලා ප‍්‍රදේශයේ පදිංචි එස්. සෙනෙවිරත්න නම් 35 හැවිරිදි අයෙකි.

කැපුනු අතට අචලා නඩු මගට – කෝටී 10ක් වන්දි ඉල්ලයි

රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි කියමින් නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනු කර තිබේ.

බි‍්‍රතාන්‍යයේ නව ශී‍්‍ර ලංකා මහකොමසාරිස්

බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් ලෙස වැඩබැලීමට ආචාර්ය චානක තල්පහේවා මහතා පත්කර ඇතැයි වාර්තා වේ. මිට පෙර ඒ මහතා මාලදිවයිනේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කර ඇත.

හරින් අගමැතිකමට සජිත්ගේ නම යෝජනා කරයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම යෝජනා කරන බව ඌව පළාත් සභාවට තරඟ කර වැඩිම මනාප ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.

පොල් ගෙඩියක් හිසට වැටීමෙන් පෙර පාසල් සිසුවෙකු මියයයි

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ පෙර පාසලක ක්‍රීඩා කරමින් සිටි ළමුන් පිරිසක් මතට පොල් වල්ලක් කඩා වැටීමෙන් වයස අවුරුදු 5ක දරුවෙකු මියගොස් තවත් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.