Monthly Archive:: October 2014

වීඩියෝ වෙන අයුරින් සිසුවෙකු ගෙල වැලලාගනී

ගලේවෙල ගල්කිරියාගම ඉහළ ගොල්ල ප‍්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු සිය කාමරයේ වහලයේ එල්ලූ ලණුවක ගෙල සිරවීමෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ උසස්පෙළ විභාගයට ඉගෙන ගන්නා පාසල් සිසු‍ෙවක් වන ක්‍රිෂාන් දිල්හාන් (17) නැමැති අයෙකි.

දොස්තර නිමල් ගමගේට යළි අවසර

එන්නතක් ලබාදීමෙන් වෛද්‍යවරියක් මියගිය බම්බලපිටියේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානය නැවත විවෘත කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම්. සහබ්දීන් මහතා අවසර ලබා දී තිබේ. එහි යතුර ඔහුට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත් බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.

ක‍්‍රිස් නෝනිස්ට පහර දුන් බව කියන චෝදනාව ඇත්තක්ද?

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉකුත් අමෙරිකානු සංචාරය අතරතුරදී බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් සිදුකළැයි කියන පහරදීම ගැනත් ක්‍රිස් නෝනිස්ට එරෙහිව විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂේණුකා සෙනෙවිරත්න විසින් කර ඇති පැමිණිල්ලක් ගැනත් විමර්ශනයක් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබේ.

රත්නපුර කාන්තාවගෙන් තවම පැමිණිල්ලක් නෑ

රත්නපුර බස් නැවතුම්පොළ අසල දී පොලිස් සැරයන්වරයෙකුගේ පහරකෑමට ලක්වූ කක්කුස්සිවත්තේ බට්ටි ලෙස හඳුන්වන කාන්ති මහත්මිය මේ වනතුරුත් පොලිසියට පැමිණිල්ලක් කර නොමැති බව වාර්තා වේ.

ජනපති – පාප් වහන්සේ හමුව අද

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (03) වතිකානුවේ අපෝස්තොලික මාලිගයේදී ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැකීමට නියමිතව තිබේ.

රත්නපුරේ පහරකෑමට ලක්වූ කාන්තාව කෝටි 5 ක් වන්දි ඉල්ලයි

රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකුගෙන් පහර කෑමට ලක්වු වීරසිංහආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටි රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කිරීමට නියමිත බව වාර්තා වේ.

බස් රථ ගැන පැමිණිලි කිරීමට SMS සේවාව ඇරඹේ

පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි අද (01) සිට තම ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් යොමු කිරීමට හැකි බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය පවසයි.

මවක් දරුවන් තුන්දෙනා සමග වස බොයි

බිංගිරිය- වීරපොකුණ, පොල්ලන්දළුව ප්‍රදේශයේ මවක දරු තිදෙනාටද වස පොවා තමන්ද වස පානය කර තිබේ. මේ වන විට ඔවුන් සිව්දෙනා හලාවත මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.