Monthly Archive:: November 2014

ෆිට් ඕන් කුටියේදී තරුණියකට අතවරයක්

දඹුල්ල නගරයේ රෙදි සාප්පුවකට පැමිණ සිටි තරුණියකට ෆිට් ඕන් කුටියේදී එම සාප්පුවේ සේවකයෙකු අතවර කිරීමට තැත් කල පුවතක් වාර්තා වේ.

මහවැලි ගඟේ පාවූ මළසිරුරු හඳුනාගැනේ

ඊයේ උදෑසන මහවැලි ගඟේ පාවෙමින් තිබී සොයාගැනුණු මළසිරුරු පොලිසිය විසින් ගොඩට ගන්නා ලදී. මේ වන විට ඉන් එක අයෙකුගේ මළසිරුර ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

වෛද්‍යවරයෙකුගෙන් හෙද සිසිවෙකුට ප්‍රහාරයක්

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු තමාට පහරදී අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව කියමින් පුහුණුවන හෙද සිසුවෙක් ඉමදූව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

වික්ටෝරියා ජලාශයේ මළසිරුරු දෙකක් පාවෙයි

පුද්ගල මළ සිරුරු දෙකක් වික්ටෝරියා ජලාශයේ පොල්ගොල්ල වේල්ල අසළ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. ප්‍රදේශවාසීන් මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇත.

සිසුවෙකුට පහරදුන් ගුරුවරයෙක් අත්අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරයෙකු වන අතර පහරදීමට ලක්ව ඇත්තේ එම විද්‍යාලයේම 11 වැනි ශ්‍රේණියේ සිසුවෙක්.

ඇඳටවී සිටිනවාට පඩිය ඩොලර් දහඅටදහසයි

රැකියාවක් ලෙස එකදිගට ඇඳකට වී ගතකරන පුද්ගලයෙකු පිළිබද පුවතක් වාර්තා වේ. ඇමරිකා ජාතික ඇන්ඩෘ අයිවනික් වන මොහුගේ රැකියාව වන්නේ ඇඳකට වී මාස 3 ක් එකදිගට ගත කිරීමය. ඒ සඳහා ඔහුට ලැබෙන මුදල ඩොලර් දහඅටදහසකි (රුපියල් 23,58000).

උපාධි අපේක්ෂිකාව ඝාතකයාගේ පාපොච්චාරණය

මාත‍ලේ වරාපිටියේ විසි හතර හැවිරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වූ ලලනි නදීශා මෙනවිය ඝාතනය කර මාස 6ට පසු පසුගියදා ඇයගේ ඝාතන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

කොරියානු නෞකාවේ කපිතාන්ට වසර 36ක සිර දඬුවම්

දකුණු කොරියාවේ දී පාසල් දරුවන් සිය ගණනකට මරු කැඳවමින් ගිලී ගිය නැවේ කපිතාන් ලී ජුන් සියොක් (69) වසර 36ට සිරගත කිරීමට කොරියාවේ අධිකරණය නියෝග කැර ඇත.

ජනපතිට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි

ජනපතිය තුන් වරක් ජනාධිපති ධුරයට තරඟ කල හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඊයේ ලැබී තිබුණි.

නොකියා නම වෙනුවට මයික්‍රසොෆ්ට් ලුමියා එයි

අළුත්ම ලුමියා 535 ස්මාර්ට් ෆෝන් මොඩලය මයික්‍රසොෆ්ට් සමාගම විසින් අද නිකුත් කර තිබේ. ඒ නොකියා සන්නාම නාමය ඉවත් කර මයික්‍රසොෆ්ට් ලුමියා ලෙසය.