Monthly Archive:: November 2014

මාලකට ඇප නොලැබේ

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදීම ලබන 17 වැනිදාට කල්ගොස් තිබේ.

අනුරාධපුර පවත්වාගෙන ගිය රාත්‍රී සමාජශාලාව වැසේ

අනුරාධපුර පූජා භූමියට ආසන්නයේ පවත්වාගෙන ගිය මෙම රාත්‍රී සමාජ ශාලාව මාධ්‍ය‘යේ අවධානයට ලක්වීමත් සමග වසා දමාඇත.

කාන්තාවක් අඩ නිරුවතින් බුරුවෙකු මත යවයි

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ ජයිපුර් ගම්මානයේ ගැමි කාන්තාවකට දඬුවමක් වශයෙන් අඩනිරුවතින් බූරුවකු පිට නැග ගමන් කරන මෙන් ගම් සභාව නියෝග කර තිබේ.

ජනපතිට පුලුවන්ද බැරිද තීරණය අද

ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරටත් ජනපති ධුරය සඳහා තරඟ කළ හැකිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සඳුදා සවස ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව වාර්තා වේ.

ඩයගම වතු නිවාස පෙළක ගින්නක්

ඩයගම – දෙවන කොටස – බටහිර වත්ත ප‍්‍රදේශයෙහි වතු නිවාස පේළියක ඊයේ (10) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ. ඇතිවූ ගින්න හේතුවෙන් නිවාස 22 ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

පොදු අපේක්ෂකයා සූදානම්

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද කොළඹදී මාධ්‍ය සාකච්චාවක් පැවැත්වුවේය.

ජනපති සහ ඉන්දීය අගමැතිගේ දුරකථන සංවාදය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් සිදුව තිබේ. ජනාධිපති ප‍්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ ඊයේ රාත‍්‍රියේ මෙම දුරකථන සංවාදය සිදුව ඇති බවයි. එහිදී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබේ.

මළ සිරුරක් කිලෝමීටර 17ක් දුර ඇදගෙන ගිය වාහනය සොයාගැනේ

ඉකුත් 06 වැනිදා ගම්පොළ කඩුගන්නාව, පොදු වෙළෙඳ සංකීර්ණය අසල තිබි සොයාගැනුණු මළසිරුර නාවලපිටියේ සිට කිලෝමීටර් 17ක් දුර ඇදගෙන ගොස් තිබු වෑන් රථය ගම්පොළ පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

උපාධි අපේක්ෂිකාවගේ ඝාතකයා අත්අඩංගුවට

මාතලේ, උකුවෙලදී මීට මාස කිහිපයකට පෙර 24 හැවිරිදි උපාධි අපේක්ෂක තරුණියක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එ් අදාළ ඝාතනය සිදු වී මාස හයක් පමණ ගත වී තිබියදීයි.

තරඟය අතරතුරදී කෝලීගෙන් අනුශ්කාට හාදුවක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (09) හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරඟයේදී 2014 වසරේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට විරාට් කෝලිට හැකිවිය.