Monthly Archive:: November 2014

අතරමංවූ ජපුර සිසුන් පොලිසිය විසින් බේරාගනී

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් 400ක් පමණ බලංගොඩ ඉහළගලගම නාගල කන්දේ විනෝද චාරිකාවකට ගොස් අතරමංව සිටියදී බේරා ගැනීමට බලංගොඩ හා සමනළ වැව පොලීසි සමත්විය.

ඉන්දියාව තරඟාවලිය ජයගනී

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයත් ජය ගනිමින් තරඟාවලිය 3ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ව්‍යාජ ධාතු පෙන්වා ගුටි කයි

ව්‍යාජ ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කරමින් ජනතාව මුලා කර හම්බන්තොට මිරිජ්ජවිල ප‍්‍රදේශයේ සිදු කෙරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුගිය ඉල් පොහොය දිනයේදී ඍර්ධි බලයෙන් ධාතූන් වහන්සේලා වැඩම වූ බව කියමින් ජනතාව රවටා පඬුරු ලෙස මුදල් ලබාගෙන තිබේ.

මිරියබැද්දේ මෙහෙයුම් නවතයි

හල්දුම්මුල්ල – මීරියබැද්ද ප‍්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන් වූවන් සොයා දින 12ක සිට සිදුකරන මෙහෙයුම් නතර කිරීමට රජය තීරණය කර තිබේ.

ෆේස්බුක් නිර්මාතෘවරයා අඳින්නේ එකම ඇඳුමද?

ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර් සෑම අවස්ථාවකදීම අළු පැහැති ටි ෂර්ටයකින් සැරසී සිටින්නේ ඇයිද යන්න පසුගියදා අනාවරණය කර තිබේ.

ඉදිරි තරඟ දෙකට සංගා විවේක ගන්වයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි සහ පස්වන එක්දින තරග සඳහා ඊයේ (8) සංචිතය නම් කරනු ලැබිණි. අවසන් තරඟ දෙක සඳහා ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස් සහ ශමින්ද එරංග කැඳවා තිබේ.

මිරියබැද්දේ සෝදිසි කිරීම් නවතන ලෙස ඉල්ලීමක්

නායයාමට ලක්වු කොස්ලන්ද, මිරියබැද්ද ගම්මානයේ සෝදිසි මෙහෙයුම් නතර කරන්නැයි එහි ජනතාව ඉල්ලිමක් කර තිබේ. මිරියබැද්ද ගම්මානයේ සිදුකෙරෙන සහන සේවා කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පස්වරුවේ එහි සංචාරයක ගිය අවස්ථාවේ ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

මල්ලි එක්ක දබර වූ අයියා කනේරු ඇට කයි

කනේරූ ඇට ආහාරයට ගැනීම හේතුවෙන් තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ දරුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 13 හැවිරිදි දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.

යට ඇඳුම් 8ක ලක්ෂ 590ක රන් බිස්කට්

රුපියල් කෝටි 590ක් වටිනා රත්තරන් බිස්කට් 118 ක් තම යට ඇඳුම් වල සඟවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික යුවලක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

ජැක්ලින්ගේ නවතම hollywood චිත්‍රපටය

ජැක්ලින් ෆර්නෑන්ඩස් මෑතකදී රංගනයෙන් දායකවූ kick චිත්‍රපටය අති සාර්ථක වීමෙන් පසු bollywood සිනමාවේ ඉදිරියට යාම සඳහා ඇයට අවස්ථාව උදාවිය. දැනටමත් චිත්‍රපට කිහිපයකට ගිවිසුම් අත්සන් කර ඇති ඇයට hollywood චිත්‍රපටයක රඟපෑමටද ආරාධනා ලැබුනේය.