Monthly Archive:: November 2014

ක‍්‍රීඩා විචාරකයින්ට ශ‍්‍රී ලංකාව ගැන සැකයක්

ඉන්දියාව සමඟ පැවති දෙවැනි එක්දින තරඟයෙන් ද දැවැන්ත පරාජයකට ලක්වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල සැබෑ උද්යෝගයකින් තරඟාවලියට සහභාගි වන්නේ ද යන්න ගැටලූවක් බව ක‍්‍රීඩා විචාරකයන් පවසයි. එමෙන්ම, ලොව විශිෂ්ඨතම එක්දින ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල ඉන්දියාවේදී මෙතරම් අසීරුතාවට පත්වීම පිළිගත නොහැකි කරුණක් ලෙස විචාරකයන් පෙන්වා දෙයි.

බුදු දහමට අපහස එපා යයි ඉල්ලමින් මිනිසෙක් ගසක් උඩ විරෝධයේ

බුදු දහමට අපහාස වන අයුරින් සිදුකරන ක්‍රියා නතර කරන ලෙස ඉල්ලා ඊයේ පුද්ගලයෙකු මහනුවර නගරයේ ගසකට නැගී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි යූ.ජී. සුගත් නමැති පුද්ගලයෙකු මෙලෙස මහනුවර වැව රවුම මාර්ගයේ පිහිටි අඩි 50ක් පමණ උස ගසකට නැඟී විරෝධතාවයේ නිරත විය.

පොදු අපේක්ෂකයා කව්රුන්ද?

කෝට්ටේ නාගවිහාරයේදී පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජනපතිවරණයට දින නියම කළ පසු ප්‍රකාශයට පත් කරන බවය.

කිලෝමීටර් 18 ක් දුර ගිය මළ සිරුරක්

නාවලපිටිය – ගම්පොල ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 14 කණුව අසලදී රිය අනතුරකට ලක්වූ පුද්ගලයෙකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් ඊට කිලෝමීටර් 18 ක දුරකින් සොයා ගෙන තිබෙ. නාවලපිටිය මහ පාරේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව නාවලපිටිය පොලිසියේ මූලස්ථාන පරීක්ෂක එතැනට ගිය නමුත් මළ සිරුර එහි තිබී නොමැත. එහෙත් මාර්ගය දිගට ලේ පැල්ලම් සහ සිරුරක

කැටපත් පවුරේ නම ලිවීමට ගිය සිසුවියක් අත්අඩංගුවට

සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී මත තම නම ලිවීමට උත්සාහ කළ පාසල් සිසුවියක් සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදී තිබේ. මඩකලපුව ප‍්‍රදේශයේ පාසලක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ඇත.

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි තරගයේ ජයත් ඉන්දියාවට

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අහමදාබාද්හිදී සාර්දාර් පටෙල් ක‍්‍රීඩාංගණයේදී අද (06) පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ. මෙම ජයත් සමගින් ඉන්දියාව මේ වන විට 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වෙයි.

ජල බඳුනකට වැටී බිළිඳෙකු මියයයි

අවුරුද්දයි මාස 4ක් වයසැති දරුවෙකු වතුර බාල්දියකට වැටී මියගිය ශෝචනීය පුවතක් දඹුල්ල, ගලේවලින් වාර්තා වේ. දරුවා මෙසේ මියගොස් ඇත්තේ මිත්තනිය රෙදි සෝදමින් සිටි බාල්දියට වැටීමෙනි. මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් අහමඩ් නැමැති ගලේවල කටුවලන්ද පාර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

ගුවන් තොටුපොල සේවක වර්ජනය අවසන් – ඉල්ලීම් ඉටුවේ

රුපියල් දස දහසකින් වැටුප් වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන් තොටුපල ශාඛාවේ සාමාජිකයින් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ දහවල් අවසන් කලා. ඒ සිය ඉල්ලීම් දින වකවානු සහිතව ඉටුකිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු බලධාරීන් ලබාදුන් පොරොන්දුව මත බව ගුවන්තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි.

පාවෙන වෙළඳසැලක් ගිලා බසී

පසුගියදා අලුතින් ඉදි කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබූ කොටුවේ පාවෙන වෙළඳසැල් සංකීර්ණයේ පාවෙන එක් වෙළඳසැලක් වතුරට ගිලා ගොස් තිබුණි. අධික වර්ෂාව සමග වතුර මට්ටම වැඩිවීම මෙයට හේතුව බව වාර්තා වේ.

අයවැය හිඟය කෝටි 35600කින් ඉහළට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය 24 වැනිදා ගෙනා අයවැයට සංශෝධන දෙකක් අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව 2015 වසරේ සමස්ත වියදම රුපියල් කෝටි තිස්පන්දහස් හයසියයකින් වැඩිකිරීම සහ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි හතළිස්හතර දහසකින් වැඩිකිරීම එම සංශෝධනයන්ට ඇතුළත් වී තිබිණි.