Monthly Archive:: November 2014
05 Nov 2014
කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වර්ජනයේ
![oXG5sE5[1]](https://truth.lk/wp-content/uploads/2014/11/oXG5sE51.jpg)
සිය දීමනා සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකළ බව පවසමින් කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ. අද උදෑසන 09.00ට මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර ගුවන් තොටුපල සේවකයින් දහසකට අධික ප්‍රමාණයක් වර්ජනයට එක්ව සිටින බව වාර්තා වේ.
05 Nov 2014
කොස්ලන්දට පකිස්ථානයෙන් ආධාර
![u9FsMT6[1]](https://truth.lk/wp-content/uploads/2014/11/u9FsMT61.jpg)
කොස්ලන්ද මීරිය බැද්ද වතු යායේ නාය යෑමට හසුවු පවුල් වලට සහන සැලසීම සඳහා පකිස්ථාන රජයෙන් ප්‍රධානය කළ ඛෙහෙත් ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ තොගයක් රැගත් පකිස්ථාන් ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානය අද සවස කටුනායක ගුවන් හමුදා යාත්රාංගනයෙන් දිවයිනට පැමිණියේය. නාය යාමෙන් විපතට පත් වුවන්ට ඛෙදා දීමට සඳහා ගුවනින් ගෙන ආ ප්‍රථම විදේශ ආදාර
04 Nov 2014
මහමගදී කාන්තාවකගේ පාදය කපා දමයි
![aXvpprv[1]](https://truth.lk/wp-content/uploads/2014/11/aXvpprv1.jpg)
බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ කාන්තාවකගේ පාදයක් විලුඹ අසලින් කපා වෙන්කර සැකකරුවන් එම කොටස රැගෙන ගිය පුවතක් වාර්තා වේ. මෙම අපරාධයට ලක්වු කාන්තාව බලන්ගොඩ නගර සභාවට අයත් පුස්තකාලයක පුස්තකාලාධිපතිනිය ලෙස සේවය කර ඇත. ඇය රාජකාරි නිමවා නිවසට යමින් සිටියදී එම අනතුරට මුහුණ පා තිබේ.
04 Nov 2014
යුධ නෞකා ගැන චීනයෙන් ඉන්දියාවට ප්‍රකාශයක්
![PXVvCKO[1]](https://truth.lk/wp-content/uploads/2014/11/PXVvCKO1.jpg)
මෙරට මුහුදු සිමාවේ රඳවා ඇති චීන නෞකා සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. විශේෂයෙන් මෙරට මුහුදේ එහා මෙහා ගමන් කරන චීන සබ්මැරීනය පිලිබඳ ඔවුන්ගේ අවධානය යොමුව තිබුණි. මෙය ප්‍රකාශයක් නිකුත් කරමින් චීන රජය පවසා ඇත්තේ කොළඹ වරායට සිය යුද නෞකා පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව කලබල නොවිය යුතු බවයි.
03 Nov 2014
2014 සෙනසුරු මාරුව ඔබට කොහොමද?
![gj67Ql7[1]](https://truth.lk/wp-content/uploads/2014/11/gj67Ql71.jpg)
2014 නොවැම්බර් මස 2 වන දින සෙනසුරු ග්‍රහයා තුලා රාශියේ සිට වෘශ්චිකට රාශි ගත විය. සෙනසුරු ග්‍රහයා වෘශ්චිකයට මාරු වීම සිදුවන්නේ අවුරුදු 30 ට පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව බලන කල සෙනසුරු මාරුව සියළුම ලග්න වලට බලපාන අයුරු පිලිබඳ විවිධ පුවත්පත් වල පළවූ විස්තර කිහිපයක් පහතින්.
02 Nov 2014
මාලක සිල්වා රිමාන්ඩ්
![T2rA4Jc[1]](https://truth.lk/wp-content/uploads/2014/11/T2rA4Jc1.jpg)
කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී පහරකෑමකට ලක් වූ බව කියන අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා නොවැම්බර් මස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විදෙස් සංචාරක යුවළකට පහරදීමක් සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාලක සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
02 Nov 2014
අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
![uSTnXb0[1]](https://truth.lk/wp-content/uploads/2014/11/uSTnXb01.jpg)
2015 අය වැය දෙවන වර කියවීම ඊයේ (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 100 කින් සම්මත වී තිබේ. ඊට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.
01 Nov 2014
ලංකාවට ගෙන්වූ අලුත්ම ගුවන් යානය
![QqBnXaU[1]](https://truth.lk/wp-content/uploads/2014/11/QqBnXaU1-150x150.gif)
ගුවන් සේවා ක්ෂේත්රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නවතම එයාර් බස් ඒ 330 -300 වර්ගයේ ගුවන් යානාව ප්‍රංශයේ ටුලුස් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගුවන් යානා බල ඇණිය ශක්තිමත් කිරීමට පුලුල් බඳ සහිත මෙම වර්ගයේ ගුවන් යානා 7 ක් මෙරටට
01 Nov 2014
මාලක සිල්වාට විදේශිකයකුගෙන් ප්‍රහාරයක්
![dflXaSY[1]](https://truth.lk/wp-content/uploads/2014/11/dflXaSY1.jpg)
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටින බව වාර්තා වේ. අද(01) උදෑසන 3.00ට පමණ කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ රාත්‍රී සමාජ ශාලාවකදී අදාළ පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.