Monthly Archive:: November 2014

පාවෙන වෙළඳසැල අසළ මළ සිරුරක්

කොළඹ, බැස්ටියන් මාවතේ පිහිටි පාවෙන වෙළෙඳපොළ අසල බේරේ ඇළෙහි තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මාලකට ඇප ලබාදී රාත්‍රී සමාජශාලා තහනම් කරයි

කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 7 දෙනාට අද (28) ඇප හිමිව තිබේ.

මේනකා පීරිස් යුග දිවියට

ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන මේනකා පීරිස් ඊයේ (27) යුග දිවියට එළඹ තිබේ. ඇය අතිනත ගත්තේ නොර්වේ හි ජිවත් වන අමර් සමගය. විවාහයෙන් පසුව සැමියා සමග නොර්වේ පදිංචියට යන මේනකා රංගන කටයුතු සීමා කරන බව වාර්තා වේ.

යානය ගුවන්ගත කිරීමට මගීන්ගෙන් තල්ලුවක්

ගුවන්ගත වීමට තිබූ යානයක තිරිංග හිරවීමක් හේතුවෙන් නියමිත වේලාවට ගුවන් ගත කිරීමට නොහැකි වී තිබියදී එහි සිටි මගීන් විසින් තල්ලු කරනු ලැබීමෙන් ගුවන්ගත කිරීමේ අපූරු සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩිල්ෂාන්ට සහ තිසරට දඩ

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරඟයේදී විනය විරෝධී හැසිරීමේ චෝදනාව මත තිලකරත්න ඩිල්ෂා‍න්ට හා තිසර පෙරේරාට දඩ නියම කර තිබේ.

ජනපතිවරණයට රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට සුභ පැතුම්

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 18 වන සාක් සමුළුව ඊයේ අවසන් විය. එයට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණ තිබේ.

ගාල්ලේ සෞඛ්‍ය ‍සේවකයින් වර්ජනයේ

ගාල්ල දිස්ත්‍රික්කයේ මූලික සහ ශික්ෂණ රෝහල් හැර සෙසු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සේවකයින් අද සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

මාළු අල්ලමින් සිටි තරුණයා ගඟට වැටී අතුරුදහන්

ගාල්ල ගිංතොට දුම්රිය පාලමේ මාළු බාමින් සිටිය දී දියට වැටුණු තරුණයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ රත්නපුරයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

එජාප මන්ත්‍රීට වෙඩි තබා පලාගිය හයිබ්‍රිඩ් රිය සොයාගැනේ

මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වු පසුගිය 21 වැනිදා කළුතරදී රතිඤ්ඤා පත්තු කරමින් සිටි සිටි බේරුවල ප්‍රාදේශිය සභා හිටපු මන්ත්‍රී චමිල රණසිංහට වෙඩි තැබීමට සැකකරු පැමිණි හයිබ්‍රිඩ් කාරය සිසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

යෝජනා වලට එකඟ නම් සහය දෙනවා – හෙළ උරුමය කියයි

ජනාධිපතිවරණයේදී සිය ස්ථාවරය දැනුම්දීම සදහා හෙළ උරුමය කොළඹදී ඊයේ පස්වරුවේ රැස්වීමක් කැඳවා තිබුණි. එහිදී තමන් දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනා තුනකට එකගතාව පළ කරන අපේක්‍ෂකයාට ජනාධිපතිවරණයේ සහාය ලබාදෙන බව ජාතික හෙළ උරුමය පවසා තිබේ.