Monthly Archive:: November 2014

පිල් හියුස්ගේ මරණයට ශෝකී වන ක්‍රීඩකයින්

පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිල් හියුස් අද උදෑසන ජිවිතක්ෂයට පත් විය. ඔහුගේ අනපේක්ෂිත මරණය ක්‍රිකට් ක්‍රීඩකයින්ට වගේම ක්‍රීඩා ලෝලීන්ටද දැඩි කම්පනයක් විය.

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතුයි – බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු

බි‍්‍රතාන්‍යයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ශී‍්‍ර ලංකාවට එරෙහිව යුරෝපා සංගමයේදී අදහස් පළ කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජාතින්ගේ විමර්ශනයට සහය නොදක්වන්නේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවයි.

වතුර වලකට වැටී දරුවන් දෙදෙනෙකු මියයයි

කන්තලේ – සේරුනුවර ප‍්‍රදේශයේදී වතුර වළකට වැටීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු දෙක හමාරක පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු දෙකක ගැහැණු දරුවෙක්.

බොදු බල සේනාවේ සහය මහින්දට

අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියෝ ප්‍රකාශ කලේ තම සංවිධානයේ සහය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ලබා දෙන බවයි.

එබෝලා මර්ධනයට එන්නතක්

මාරාන්තික එබෝලා වෛරසය මර්ධනය සඳහා පසුගිය කාලයේ විවිධ පර්යේෂණ සිදු කල අතර එබෝලා වෛරසය සඳහා නිපදවා ඇති එන්නතේ ප‍්‍රථම මානව අත්හදාබැලීම සාර්ථක වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පන්දුව හිසේ වැදුණු ෆිල් හියුස් මියයයි

පසුගියදා ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තරඟයක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩාය‍ෙම් දක්ෂ පිතිකරුවෙකු වූ ෆිල් හියුස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

ආගමට අපහස කල වීනා මලික්ට වසර 26ක සිරදඬුවමක්

පාකිස්ථානු සරාගී නිළි වීනා මලික් හා ඇගේ සැමියාට වසර 26ක සිර දඬුවම් හිමිවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාලයෙන් කාලයට පුවත් මවන්නියක් බවට වීනා මලික් ප්‍රසිද්ධය. ඇයගේ ඇතැම් ක්‍රියාවන් නිසා ආගමික විරෝධයන් පවා එල්ල විය.

ප්‍රභාකරන්ගේ රුව මුල් පිටුවේ

යාපනයේ පලවන උදයන් පුවත්පතේ මුල් පිටුවේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව උපන්දින සුබපැතුමක් පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෛත්‍රීගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සූදානම්

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (26) විශේෂ හමුවක් පැවැත්වුනි. එයට පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා, එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ, එම පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා නියෝජනය කරන මන්තී‍්‍රවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන් සහභාගී වී තිබේ.

ජනපති සාක් සමුළුව අමතයි – මෝදිගෙන් පැසසුම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නේපාලයේ, කත්මණ්ඩු නුවර රාෂ්ත්‍රියා සභා ග්‍රිහා හි පැවති 18 වැනි සාක් සමුළුවේ ආරම්භක සැසිය ඊයේ අමතනු ලැබුවේය.