Monthly Archive:: November 2014

ශ්‍රී ලංකාව පළමු තරඟය ජයගනී

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලූ 6ක් දැවී ලකුණු 317ක් රැස් කළේය.

රුසියාව මෙරට මාළු මිලදී ගැනීමට සුදානම්

ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිශ්පාදන මිලදී ගැනිමට රුසියාව කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පූජා නගරය කැළඹු අලියා කොටුවේ

අද අළුයම සිට අනුරාධපුර පූජා නගරයේ සැරිසරමින් සිටි අලියා වනජීවී නිලධාරීන්ගේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් පසු ගස් බැඳ තිබුණි.

ශ්‍රී ලංකාව ලකුණු 317/6

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ 7කින් යුත් එක්දින තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. එහිදී කාසියේ වාසිය දින ගත් එංගලන්ත පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

උතුරු ජනතාවගේ රත්‍රං නැවත ලබාදෙයි

යුද්ධය පැවති කාල සීමාව තුළ සොයා ගන්නා ලද උතුරු නැගෙනහිර ජනතාවගේ රත්‍රං තොගයක් එම ජනතාවට නැවත ලබා දෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පවසයි.

ඉන්දියාවේ කැලැන්ඩර් දරුවා

කාලෙන් කාලේට ඉන්දියාවෙන් අමුතු පුවත් වාර්තා වෙනවා. ඉන්දියාවේ පැවැත්වූ වඳුරු විවාහයක තොරතුරුත් අපි ඔබට වාර්තා කළා. අද දිනයේ ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අපුරු හැකියාවක් තිබෙන දරුවෙකු ගැනය.

සිරස ‘සටන’ අවහිර කිරීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතාබහට

පසුගියදා සිරස TV ඔස්සේ විකාශය කළ ‘සටන’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට සහභාගී වී සිටියේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකි.

ලොකු ළුෑණූ සඳහා අද සිට සහතික මිලක්

ලොකු ලූනු කිලෝ ග්‍රෑමයක් අද සිට රුපියල් 90ක් බැගින් මිලදී ගැනීමට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරඟය අද

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකා අතර පැවැත්වෙන තරඟ හතකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතය.

කොල්ලයක් වැරදී වෙඩි තබා පලා යයි

ගම්පහ බැලුම්මහර කතුරුවත්තේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කන්නට ආ පිරිසක් කළ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.