Monthly Archive:: November 2014

ජයවර්ධනපුර රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ඖෂධහලේ කාමරයක් තුළ ඊයේ (25) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්නට හේතු මෙතෙක් අනාවරණය වී නොමැත.

පූජා නගරයේදී වන අලි ප්‍රහාරයකින් 2කු මරුට

අනුරාධපුරය පූජාභූමියට ඇතුළු වූ වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

දරුවාට වස පොවා පියාත් වස බිලා

මඩු – කච්චනාමරදමඩු ප‍්‍රදේශයේදී පියෙකු තම වයස අවුරුදු එක හමාරක දරුවාට වස පොවා තමා ද වස පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.

ජනපති නේපාලයේ – අද රාජ්‍ය නායකයින් අමතයි

18වන සාර්ක් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ උදෑසන 6.30ට පමණ දිවයිනෙන් පිටත්ව ගියේය.

ක්‍රිකට් පිටියේ දරුණු අනතුරක්

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් තරගයක් අතරතුර පන්දුවක් වැදීමෙන් සිහි මුර්ජා වීමකින් පසුව රෝහල්ගත කර තිබේ.

තමන් තවමත් ශ්‍රීලනිප මහලේකම් බව මෛත්‍රී කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (25) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටදී ජනාධිපති ධූරයේ විධායක බලතල අහෝසි කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට අවශ්‍ය කටයුතු සිදු කරන බව පවසමින් ප‍්‍රතිඥවක් ලබා දී තිබේ.

මාලක ඇතුළු පිරිස යලි රිමාන්ඩ්

කොළඹ – ඩුප්ලිකේෂන් පාරේ රාති‍්‍ර සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දෙසැ. 23 හා 24

ජනපතිවරණයේ තැපැල් ඡන්දය ලබන මස 23 හා 24 දිනවල පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඉන්දියාවේ වඳුරු විවාහය

ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයේ අපුරූ විවාහ උත්සවයක් පවත්වා තිබෙනවා. විශේෂත්වය වන්නේ මෙම විවාහය සිදු කර තිබෙන්නේ වඳුරන් දෙදෙනෙකු අතර වීමයි.

රත්නපුරට නායයාමේ අවධානමක්

රත්නපුර දිස්ත්‍රික්කයට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ රාත්‍රී හතේ සිට පැය 24ක කාලයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදාළ අනතුරු ඇඟවීම සිදුකර ඇත.