Monthly Archive:: November 2014

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග තරඟ 7 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟ 3 සඳහා ශ‍්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක‍්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්ය.

ජනපති සාක් සමුුළුව සඳහා පිටත්වේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) දකුණු ආසියා සාක් සමුළුවට සහභාගීවීමට නේපාලයේ කත්මන්ඩු අගනුවර බලා පිටත්ව ගොස් තිබේ.

දැරිය ගැබිණියක කලැයි චෝදනා ලැබූ පුද්ගලයෙක් නිදහස්

බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කර ඇය ගැබිනියක් බවට පත් කළේ යැයි අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවෙකු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

මෛත්‍රී ලබාදුන් පත්වීම් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තමා පොදු අපේක්ෂකයා බව පැවසු දින උදෑසන සෞඛ්‍ය අංශයේ කාර්ය සහායක පත්වීම් ලබා දුන්නේය. එහිදී කල කතාවේදී ඒ මහතා සඳහන් කලේ තමා අතින් ලබාදෙන අවසාන පත්වීම් කිහිපය විය හැකි බවයි.

මීගමුව ධීවර ගැටළුවට ජනපතිගෙන් විසඳුම්

මීගමුවේ ධීවරයින් සහ කරවල නිෂ්පාදකයින් අතර ගැටළුවක් පැනනැගී තිබුණි. ඒ දකුණු පළාතේ පොතු පරව් සහ ලින්නා යන මාළුවල අස්වැන්න වැඩිවීම හේතුවෙන් ඒවා මීගමුව වෙරළට රැගෙන විත් කරවල නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් සිදුකිරීම හේතුවෙනි.

අතුරුදහන්ව සිට නැවත පැමිණි විදුහල්පතිගේ අභිරහස

දින 5 ක් අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඊයේ රාත‍්‍රියේ 9ට පමණ යළි ඔහුගේ නිවසට පැමිණ තිබේ. ඒ ඔහු වාසය කල ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ නිවසටයි.

2015 අයවැය වැඩි ඡන්ද 95න් සම්මතයි

2015 අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 95 කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 152 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණයි.

ඉන්දීය ධීවරයින් 14ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ බව කියන ඉන්දීය ධීවරයන් 14 දෙනෙකු යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල නිවසක පුද්ගල මළසිරුරක්

පිළියන්දල, ගංගාරාම පාර වෑවල ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළසිරුර සොයාගෙන තිබේ.

රොබට් පැටින්සන්ගේ අමුතු කොණ්ඩා විලාසිතාව

Twilight චිත්‍රපට මාලාව හරහා ජනප්‍රියත්වයට පත් රොබට් පැටින්සන් පසුගියදා පැවති Go Go Gala වැඩසටහනට සහභාගී වී සිටියේය. එහිදී කාගේත් අවධානයට ලක්වුයේ ඔහුගේ අපූරු කොණ්ඩා විලාසිතාවය.