Monthly Archive:: November 2014

12 හැවිරිදි දරුවෙකුට ඇමරිකානු පොලිසියෙන් වෙඩි

ඇමරිකානු පොලිසිය විසින් 12 හැවිරිදි පිරිමි දරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. එම දරුවා ක්ලීව්ලන්ඞ් නගරයේ පිස්තෝලයක් අතැතිව පුද්ගලයින් බිය වද්දමින් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෛත්‍රී ‘‘අපේ ජාතික පෙරමුණෙන්’’

ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන මෛත්‍රීපාල සිරිසේන මහතා ‘අපේ ජාතික පෙරමුණ’ දේශපාලන පක්ෂය යටතේ තරඟ කිරීමට සූදානම් බවට හිරු නිව්ස් වාර්තා කරයි.

අයවැය අවසන් ඡන්ද විමසීම අද

2015 අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය නොවැම්බර් 1 වන දා පැවැත්වුණු අතර එය වැඩි ඡන්ද 100කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අතුරුදහන්ව සිටි විදුහල්පති ගෙදර එයි

අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා දින 7 කට පසු පොළොන්නරුවේ සිට ඉරිදා (23) රාත්‍රියේ සිය නිවසට පැමිණි බව පොලිසිය පවසයි.

රටේ පිබිදීමක් ඇති වෙලා – මෛත්‍රී

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හමු වුවේය. ඒ ඉදිරි කටයුතු පිලිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටය.

වෙන්නප්පුවේ ගැටුමකින් එක් අයෙකු මරුට

හලාවත – වෙන්නප්පුව – බොරැල්ල පාර ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (23) පස්වරුවේ සිදුවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මිනී අළු වලින් දියමන්ති

මරණය අපි සියළු දෙනාටම පොදුවූ දෙයකි. අපේ ලගම හිතවතෙකු ආදරය කරන පුද්ගලයෙකු අප අතරින් සමුගන්නා විට ඇති වන්නේ වේදනාවකි. ඔවුන් මියගිය පසු සිහිපත් වීමට ඔවුන් භාවිතා කල දේවල් පවා ළඟ තබා ගන්නා පිරිස් සිටිති. මෙලෙස හිතවතෙකු මියගිය පසු සිහිවීමට වටිනා සිහිවටනයක් ළඟ තබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත.

ජනපතිට තායිලන්තයෙන් ආචාර්ය උපාධියක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගයමින් තායිලන්ත රජය අද එතුමන්ට ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබු බව රජයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි..

ගඟේ පාව ආ පාර්සලය දරුවෙකුගේ අතේ පුපුරයි

බලංගොඩ, ඇල්ලෙපොල ප‍්‍රදේශයේදී වේ ගඟේ ගසා ගෙන ආ පාර්සලයක් පරීක්‍ෂා කිරීමට ගිය 8 හැවිරිදි කුඩා දරුවෙකු එම පාර්සලය පිපිරීමෙන් තුවාල ලබා තිබේ.

ශ්‍රී ලාංකික සරණාගතයින් නිදහස් කරන ලෙස ඉල්ලීමක්

තමිල්නාඩුවේ තිරුචි ප‍්‍රදේශයේ විශේෂ කඳවුරක රඳවා සිටින ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 26 දෙනෙකු නිදහස් කරන ලෙස ටී වී කේ. පක්ෂය තමිල්නාඩු මහ ඇමති ඕ පන්නීර් සෙල්වම්ගෙන් ඉල්ලීමක් කර තිබේ.