Monthly Archive:: December 2014

උපන්ගෙයි මරා නොදැමූවේ ඇයි – ජගත් මනුවර්ණ හැඟුම්බර වෙයි

කුරුණෑගල, කුඹුක්ගැටේදී පැවැත් වූ සංගීත හමුව හා වත්මන් පාලනයේ අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට. සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් පිරිසකට එල්ලවූ මැර ප‍්‍රහාරය පිළිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (30) සෝලිස් හෝටලයේදී පැවැත්වුණි.

දේශපාලකයන්ට කඩේ යන්න එපා – රන්ජන් සල්මාන්ගෙන් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගෙන් ජනප්‍රිය නළු රංජන් රාමනායක මහතා ලංකාවේ දේශපාලනය ගැන නොදැන දේශපාලකයන්ට සහය නොදෙන ලෙසත්, තමන්ගේ ජනප්‍රියත්වය මුදලට පාවා නොදෙන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.

අතුරුදන්වූ යානයේ මළසිරුරු හමුවෙයි

පුද්ගලයන් 162 සමඟ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ ගමන් කළ මගීන්ගේ බවට සැක කෙරෙන සිරුරු 40 ක් බෝනියෝ දිවයිනට ආසන්න ජාවා මුහුදේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

TNA මෛත්‍රීට සහය දෙයි

ඉදිරි ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතට ලබාදීමට තීරණය කර තිබේ.

සරත් මනමේන්ද්‍රගේ සහය ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි.

කලාකරුවන්ට පහරදුන් අය හඳුනාගත්තා

ගොකරැල්ල කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී කලා කරුවන් පිරිසකට එල්ල වු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

මුතුහෙට්ටිගමට පොලීසියට ඇතුළුවීම තහනම්

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඊයේ (29) රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ.

මගේ සැමියා මරන්න එපා – සෝලංගආරච්චිගේ බිරිඳ කියයි

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ආරක්ෂාව අවදානමක පවතින බව ඔහුගේ බිරිඳ ඊයේ (29) මාධ්‍යයට අනාවරණ කළේ ය.

අවුරුදු 17ක තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ

ඊයේ (29) දහවල් අංක 204/B. බියගම පාර, පට්ටිය, කැලණිය යන ස්ථානයේදී වයස අවුරුදු 17ක තරුණයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

සල්මාන් අක්ෂි කාච 200ක් පිරිනමයි

සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද උදෑසන දිවයිනට පැමිණියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සඳහාය.