Monthly Archive:: December 2014

බස් රථයක් පෙරළී යාමෙන් කුඩා දරුවෙකු මරුට

කෑගල්ල – දම්පල්ගොඩ ප්‍රදේශයේ අද උදෑසන මගී ප‍්‍රවාහන බස් රථයක් පෙරළී යාමෙන් කුඩා පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ධීවරයෙක් මුහුදට වැටී අතුරුදහන්

අද උදෑසන ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදුට වැටී අතුරුදන්ව තිබේ. ධිවරයින් පවසන්නේ මාතරින් නාවික සැතපුම් තුනක් පමණ ඈතින් මුහුදේ දී ඔහු අතුරුදන් වී ඇති බවයි.

ප්‍රචාරණයට යන වියදම්වලින් ජනතා අරමුදලක් හදනවා – මෛත්‍රී

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රථම රැලිය ඊයේ පොළොන්නරුවේදී පැවැත්විය. එහිදී ඔහු කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී බැනර් , පෝස්ටර් සහ කටවුට් සඳහා වියදම් නොකරන බවත් ඒ සඳහා යන වියදම් සියල්ල එකතු කර රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා අරමුදලක් පිහිටුවන බවත් ය.