Monthly Archive:: December 2014

විපතට පත් ජනතාවට සහන සැලසීමට එක්වන්න

සියලු දේශපාලන කටයුතු පසෙකලා විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙස සියලු දිස්ත්‍රික්කවල මැති ඇමතිවරුන්ගෙන් සහ දේශපාලන නියෝජිතයින්ගෙන් ද ජනාධිපතිවරයා ඉල්ලා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රන් සඟවාගෙන ගිය කතක් කොටුවේ

නීති විරෝධීව රත‍්‍රං තොගයක් දිවයිනෙන් බැහැරට රැගෙන යාමට උත්සහ කළ කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්නප්පුවේදී මෛත්‍රීගේ පිරිසකට ප්‍රහාරයක්

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් වෙන්නප්පුව කොළින්ජාඩිය ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෂෙරෝන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකට ඊයේ (26) සවස පහරදීමක් සිදුකර තිබේ.

නාය යෑම් අවදානම් ස්ථාන වලින් ඉවත් වන්න

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 11 කට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

උසස් පෙළ ප‍්‍රතිඵල අද නිකුත් වෙයි

මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (27) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. මෙවර විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව දෙලක්ෂ 96,313කි.

ෆේස්බුක් මැසෙන්ජර් සඳහා “Stickered” පහසුකම

ලොවපුරා ජනප්‍රියත්වය ලබාගෙන සිටින ෆේස්බුක් සමාජ ජාලය ෆේස්බුක් මැසෙන්ජර් සඳහා නව පහසුකමක් හඳුන්වාදී තිබේ. එය නම් කර තිබෙන්නේ “Stickered” යනුවෙනි.

නාය ගිය නිවසක් බිමට සමතලාවූ අයුරු

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකටම කාලගුණ දෙපාර්තුමේන්තුව විසින් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරන ලදී.

මුතුහෙට්ටිගම සිංග්පපූරුවේ සිට කතාකරයි

චෝදනා කිහිපයක් මත වරෙන්තු ලබා සිටින නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

මෛත්‍රීට එක්වන්නට ආ මන්ත්‍රීට කතාව පුහුණු කරන අයුරු

පසුගිය 24 වැනිදා එක්සත් ජනතා නිදහස් සංධානයේ දෙහිවල ගල්කිස්ස මහනගර සභා මන්ත්‍රී සාවිත්‍ර රමාල් ද සිල්වා මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකිරීමට යැයි පවසා පැමිණ මාධ්‍ය හමුවේදී තම තීරණය වෙනස් වූ බව පවසා නැගිට ගොස් තිබුණි.

Home Alone නිවස එදා සහ අද

1990 වසරේ නත්තල් සමයේ තිරගතවූ Home Alone චිත්‍රපටය ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය. මෙම චිත්‍රපටයේ වැඩි රූගත කිරීම් ප්‍රමාණයක් සිදු වන්නේ නිවසක් තුලය.