Monthly Archive:: January 2015

කුඩා මෝටර් රථ මිල අඩුවෙද්දී හයිබ්‍රීඩ් මිල ඉහළට

නව රජය විසින් ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කිරීම නිසා එවැනි මෝටර් රථයක මිල රුපියල් 1,50,000 කින් පමණ අඩුවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

නිවසට ගිනි ඇවිලී පියා සහ පුතු මරුට

අම්පාර, සමන්තුරේ ප‍්‍රදේශයේ නිවසක ඊයේ රාතී‍්‍ර ඇති වූ ගින්නකින් පියෙකු සහ ඔහු‍ගේ 3 හැවිරිදි දරුවෙකු පිළිස්සුම් තුවාල ලබා මියගොස් තිබේ.

5 ශිෂ්‍යත්වයේ පාසල් කඩඉම් ලකුණු මෙන්න

පසුගිය වසරේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ.

අවසන් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 34ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

නව අගවිනිසුරු ලෙස කේ. ශ්‍රී පවන් පත්කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ නව අගවිනිසුරු වශයෙන් කේ. ශ්‍රී පවන් මහතා පත්කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අතුරු අයවැයෙන් ලැබුණු සහන මෙන්න

2015 නව අතුරු අය වැය අද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී. පොරොන්දු වූ පරිදිම මෙමගින් ජනතාවට සහන රැසක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකාව ලකුණු 287 – සංගා 113

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර 7 වන සහ අවසන් එක්දින තරඟය අද වෙලින්ටන් හිදී ආරම්භ විය.

ඉන්දීය ජනරජ උළෙලේදී ඔබාමා චුවින්ගම් හපයි

පසුගියදා ඉන්දීය ජනරජ උළෙලේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා එම අවස්ථාවේදී චුවින්ගම් හපමින් සිරින ආකාරය වීඩියෝ පටයක් ඔස්සේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මගී බසයක් පැහැර ගැනීමට තැත්කළ 4ක් කොටු

කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ දී ධාවනය වෙමින් පැවති සුඛෝපභෝගී මගී ප‍්‍රවාහන බස් රථයක් නවතා එහි සිටි රියදුරා සහ මගීන් බස්සවා බස් රථය පැහැරගෙන ගිය පුද්ගලයන් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති එකඟවේ

වසරක් ඇතුළත නඩු පැවරීමකින් තොරව විවිධ බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.