Monthly Archive:: January 2015

උඩුවේ ධම්මාලෝක හිමිගේ පන්සලේ හොර අලි පැටියෙක්

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ සිටින පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ සිටියදී අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවෙකු සොයා ගත් බව වනජීවි නිලධාරීන් පවසයි.

අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට

නව රජයේ අතුරු අයවැය මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා විසින් සිදුකරන ප්‍රකාශයක් ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ගාල්තැන්නේ කපුවාට ලක්ෂ 48ක දඩයක්

වසර ගණනාවක් අදයම් බදු පැහරහැරී බවට චෝදනා ලත් මහනුවර ගාල්තැන්න ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලයේ දේවගැති ගාමිණි ආනන්ද තැනැත්තාට රුපියල් ලක්ෂ 48 ක දඩයක් නියම කර තිබේ.

සැමියා රට ඉඳන් ඇවිත් බිරිඳ සමග ගිනි තබාගනී

වව්නියාව – කූමාන්කුලම් ප‍්‍රදේශයේ නිවසක සිටි අඹු – සැමි යුවලක් සිරුරුවලට ගිනි තබා ගැනීමෙන් පසු බිරිඳ මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ජෙනරාල් ෆොන්සේකාට සියලු වරප්‍රසාද හිමිවෙයි

ජනපති සමාව යටතේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමි සියලු තනතුරු, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් යනාදී සියලු හිමිකම් ඔහුට නිල වශයෙන් හිමිව තිබේ.

ශිරාණි යළි අගවිනිසුරු වෙයි

ශ‍්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායකට එම ධුරයේ කටයුතු කිරීම සඳහා පැවති බාධා රජය විසින් ඉවත් කර තිබේ.

සංගක්කාරගෙන් හිටපු ක‍්‍රීඩා ඇමතිට සහ ලේකම්ට චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තම කීර්තිනාමය විනාශ කිරීම සඳහා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග සැළසුම් සහගත වැඩ පිළිවෙලක් දියත් කළ බවට චෝදනා කර තිබේ.

විමල්ගේ බිරිඳට හොර පාස්පෝර්ට් 2ක්

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ සතුව විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් ඇති බවට ලැබුණු පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ.

තී‍්‍රරෝද රථ ගාස්තු 10% කින් අඩු වන ලකුණු

හෙට දිනයේදී නව රජය ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැයෙන් පසුව තී‍්‍ර රෝද රථ ගාස්තුවද 10% කින් අඩු කිරීමට සමස්ත ලංකා ති‍්‍රරෝද හිමියන්ගේ සංගමය සූදානම් වන බව හිරු නිව්ස් වාර්තා කරයි.

මහල් නිවාසයෙන් දැරිය වැටෙන්නට පෙර CCTV දර්ශන

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ විදුලි සෝපානයේ තනිව ගමන් කළ දැරියක් 22වන මහලින් ඇදවැටී මියයාමේ සිද්ධිය තවමත් අභිරහසක්ව පවතී.