Monthly Archive:: January 2015

කතරගම දේවාලය අසල මළසිරුරක්

කතරගම – මහදේවාලයේ මැණික් ගඟ ආසන්නයේ ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු ඊයේ (27) මිය ගොස් තිබේ. කතරගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

අම්මටයි සහෝදරයන්ටයි පාඩුවේ ඉන්න දෙන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන පලිගැනීම් වලට තම මව සහ සහෝදරයන් යොදා නොගන්නා ලෙසයි.

දුමින්ද වෙලේ සුදාගෙන් කප්පම් අරන්

අත්අඩංගුවට පත් වූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධතා පැවැත් වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

හිටපු ජනපති සියළු චෝදනා වලට පිළිතුරු දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ඇතුළු ඔහුගේ පවුලේ උදවියට එල්ල වන චෝදනා වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව හෙළිදරව් කිරීමක් සිදු කර තිබේ.

පෙබරවාරි 1 වැනිදා සිට බස් ගාස්තු අඩුකෙරේ

සියලූ බස් ගාස්තු පෙබරවාරි මස 1 වැනිදා සිට සියයට 8 ත් 10 ත් අතර ප‍්‍රතිශතයකින් අඩු කෙරෙන බව අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප‍්‍රකාශ කර තිබේ.

ඔබාමා සහ මෝඩි පිටේ ඇඳගත් කාන්තාව

ඉන්දීය ජාතික නිළියක සහ නිරූපිකාවක වන නටාලියා කොසනෝවා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ රූපයන් පිටේ ඇඳගෙන තිබේ.

මහින්දානන්දටත් රටින් පිටවීම තහනම්

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශ ගතවීම වළක්වන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

මැලේසියා ගුවන් සමාගමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

පසුගිය කාලයේ ගුවන් යානා අතුරුදහන් වීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ මැලේසියානු ගුවන් සේවයට අයත් නිල වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙ.

ශිරන්තිට රත්‍රං ජාවාරමක් ගැන චෝදනා

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂාමලී පෙරේරා අද (26) පෙරවරුවේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ගුවන් තොටුපොළේ ආරක්ෂකයින්ගෙන් කාන්තාවන්ට ලිංගික අතවර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදුවන විවිධ වංචා දුෂණ සහ අක්‍රමිකතා පිලිබඳ හෙළිදරව් කිරීමක් ඊයේ (25) සිරස නිව්ස් ඔස්සේ සිදු කරන ලදී.