Monthly Archive:: February 2015

ආබාධිතවූ වෛද්‍ය සමිතාට කෝටි 18ක වන්දියක්

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් සදා තිබූ ගොඩනැඟිල්ලක කොටසක් කඩාවැටීමෙන් අබාධිත වූ වෛද්‍ය සිසුවියට රු.මිලියන 180ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

දැඩි කොන්දේසි මත ශෂී වීරවංශට ඇප

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ.

ISIS අළුගෝසුවා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව හඳුනාගැනේ

ISIS සටන්කාමීන් විසින් පැහැර ගත් විදේශිකයින් ඝාතනය කරන ජිහාඞ් ජෝන් නමැති පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව පළමුවරට අනාවරණය කර ගෙන තිබේ.

උසස් පෙළ කරන්න ගණිතය අනිවාර්ය නෑ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් සිසුන්ට ද උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දුම්රිය මගීන්ට නොමිලේ WiFi

ප‍්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීම, වයි ෆයි පහසුකම ඉදිරියේදී ලබාදීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

භාරත ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබේ.

රගර් ක්‍රීඩකයාගේ මරණය අනතුරක් නොවේ

ආන්දෝලනයට තුඩුදුන් දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන්ගේ මරණය ස්වභාවික අනතුරකින් සිදුවූ මරණයක් නොවන බව තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

සුදු වෑන් ගැන සාක්ෂි දෙන්න මම සුදානම්

පසුගිය රජය සමයේ ඇතිවු තර්ජන හේතුවෙන් තමන්ට විදේශගත වීමට සිදුවූ බව හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබේ.

CSN නාලිකාව නවතින ලකුණු

හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන CSN නාලිකාව නවතා දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

දත් පහරකින් මිනිසෙකු මැරිය හැකි කොමඩෝ මකරෙකු පැනයයි

දෙහිවල සත්වෝද්‍යානය භාරයේ සිටියදී විස සහිත කොමඩෝ ඩ‍්‍රැගන් ලෙස හඳුන්වන උරග වර්ගයට අයත් ඉතා දුර්ලභ සත්වයා සත්වෝද්‍යානයේ කූඩුවෙන් පිටතට ගොස් තිබේ.