Monthly Archive:: May 2015
31 May 2015
මධුසමයට ගිය මනාලයා අතුරුදහන්
![lXXO7Sv[1]](https://truth.lk/wp-content/uploads/2015/05/lXXO7Sv1-150x150.jpg)
විවාහ මංගල්‍යයෙන් පසුව දෙල්තොට හෝටලයකට මධුසමය ගත කිරීමට ගිය යුවළක මනාලයා රාත්‍රී දොලහට පමණ අතුරුදන්ව ඇතැයි ගලහ පොලීසිය පවසයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ යුධ හමුදාවේ වසර 10 පමණ සේවය කරන දෙල්තොට රැලිමංගොඩ පදිංචි 33 හැවිරිදි වන ජී. ධර්මසේන නැමති පුද්ගලයෙකි.
31 May 2015
අනතුරු දෙකක් සිදුකර පළා ගිය ති‍්‍රරෝද රථයේ මළසිරුරක්
![mEoQfuQ[1]](https://truth.lk/wp-content/uploads/2015/05/mEoQfuQ1-150x150.jpg)
වත්තල ප්‍රදේශයේ දී රිය අනතුරු දෙකක් සිදුකරමින් පළා ගිය ත්‍රිරෝද රථයක් පල්ලියවත්ත – පාලම අසල දී පොලීසිය අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් ත්‍රීරෝද රථයේ තිබී සොයාගෙන තිබේ.
31 May 2015
ශ්‍රී ලංකාව සමලිංගිකත්වය පිළිඅරගෙන
![RdiOadZ[1]](https://truth.lk/wp-content/uploads/2015/05/RdiOadZ1-150x150.jpg)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාරක සභාවකදී සමලිංගිකත්වයට පක්ෂව ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.
31 May 2015
පාසල් දැරියන් ඉලක්ක කරගත් Facebook මාෆියාව
![kTQiv5J[1]](https://truth.lk/wp-content/uploads/2015/05/kTQiv5J1-150x150.jpg)
අවුරුදු 12 සහ අවුරුදු 19 අතර වියේ පසුවන පාසල් දැරියන් බිලිගැනීමේ මාෆියාවක් ෆේස්බුක් සමාජ වෙබ් අඩවි හරහා ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.
31 May 2015
පමාවී හෝ දඬුවම් ලැබූ පාපතරයා – පිළිස්සුණු මළසිරුරක් වෑන් රථයක ගෙනගිය සිද්ධියේ ඇතුලාන්තය
![FPXizux[1]](https://truth.lk/wp-content/uploads/2015/05/FPXizux1-150x150.jpg)
අතුරුගිරිය කහංතොට මාර්ගය පාළුවට ගොසින්ය. ඉඳහිට ධාවනය වන වාහනයක ශබ්දය හැරෙන්නට ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. ඒ වන විට රාත්‍රි 9.30 පසුවී තිබිණි. අතුරුගිරිය පොලිසියේ (3912) ප්‍රියන්ත සහ (69471) රත්නායක පොලිස් නිලධාරීන් දෙදෙනා රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියහ.
31 May 2015
කින්ඩ ජෝයි (Kinder Joy) දරුවන්ට නුසුදුසුද?
![MfjUzNP[1]](https://truth.lk/wp-content/uploads/2015/05/MfjUzNP1-150x150.jpg)
කුඩා දරුවන් අතර ජනප්‍රිය චොක්ලට් වර්ගයක් වන කින්ඩ ජෝයි (Kinder Joy) දරුවන්ගේ පරිභෝජනයට නුසුදුසුද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය.
31 May 2015
බිරිඳ ඝාතනයකර සැමියා වස බොයි
![c214WWi[1]](https://truth.lk/wp-content/uploads/2015/05/c214WWi1-150x150.jpg)
මහියංගණය – පින්නගොල්ල ප්‍රදේශයේ තියුණු ආයුධවලින් පහරදී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු වස පානය කර දිවි නසාගැනීමට උත්සාහ කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
31 May 2015
උතුරු අධිවේගයේ ඉදිකිරීම් ආරම්භ කරනවා
![0kRAsf5[1]](https://truth.lk/wp-content/uploads/2015/05/0kRAsf51-150x150.jpg)
උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර පන්විල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
31 May 2015
පැරදුණා නම් ගෙදර සිටිය යුතුයි
![CTbl2MY[1]](https://truth.lk/wp-content/uploads/2015/05/CTbl2MY1-150x150.jpg)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැරදුණා නම් ගෙදර සිටිය යුතු බවත්, එසේ නොමැතිව දෙවරක් ජනාධිපතිවරයෙකු ලෙස පත්වී නැවතත් බලලොභිව අගමැති වීමට එන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කරයි.
30 May 2015
ට්‍රැක්ටරයකට යට වීමෙන් එහි රියැදුරු මියගිය හැටි
![L1B0iQa[1]](https://truth.lk/wp-content/uploads/2015/05/L1B0iQa1-150x150.png)
රුවන්වැල්ල, මාහල්ල ප්‍රද්ශයේ වැඩ බිමකදී ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකි වීමෙන් රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත් විය. අධික වේගයෙන් ධාවනය කල ට්‍රැක්ටර් රථය පාලනය කරගත නොහැකි වීමෙන් එය පෙරලි රථයේ රියදුරු එයට යටවී මෙලෙස මියගොස් තිබේ.