Monthly Archive:: June 2015

ඒකපුද්ගල ආදායම අැ.ඩො 6000ක් කරනවා

ඉදිරි වසර 05 තුළ මෙරට ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 6000 දක්වා ඉහල නැංවීමට රජය අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොටකෙතන මව,දියණිය ඝාතකයන්ට ඇප ලැබෙයිද?

කොටකෙතන නයනා නිල්මිණි (52) කාවින්ද්‍යා චතුරංගි (17) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් වසර 3ක් රිමාන්ඩ් භාරයේ සිටින අඹුසැමි යුවලට ඇප ලබාදීම පිළිබඳව ජූලි මස 3 වනදා තීන්දුවක් ලබාදෙන බව අධිකරණය අද ප්‍රකාශ කර තිබේ.

LTTEයේ ප්‍රධාන පෙළේ නායකයෙකුත් මහමැතිවරණයට

එළඹෙන මහ මැතිවරණය සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුව සිටි රූබන් හෙවත් ආත්මාලිංගම් රවින්ද්‍රා, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත බව හිරු නිව්ස් වාර්තා කරයි.

17 හැවිරිදි සිසුවෙකුට බරපතල ලිංගික අතවරයක්

ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දසුන් පෙන්වා යම් මානසික තත්වයකින් පෙළෙන අවුරුදු 17 ක පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළා යැයි සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උසාවියේ ලොකු නිලධාරියෙක් සේවිකාවට ගහලා

අධිකරණයේ ඉහළම නිලයක් දරන්නකුගේ පහර කෑමට ලක්වූ බව කියන ඔහුගේ නිවසේ සේවිකාවක කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

මහින්දට අවස්ථාව දෙනවාදැයි මෛත්‍රී තීරණාත්මක සාකච්ඡාවක

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

නාවික හමුදාව සතු වගකීමක් ගැන ජනපති කියයි

ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉටු කරනවාසේම බරපතල ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය ගලවා ගැනීම සඳහා විශාල වගකීමක් නාවික හමුදාව වෙත පැවරී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අගමැති පුටුවට තරඟ කරන ලෙස රනිල් මහින්දගෙන් ඉල්ලයි

ඉදිරි මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද ආරාධනාවක් සිදුකර තිබේ.

තාත්තට නැවත එන්නැයි පුතා කියයි

බලය නැති මොහොතක ජනතාව තම පියාට මෙතරම් ආදරය කරනු ඇතැයි තමන් නොසිතුව බවත්, නැවතත් දේශපාලනයට පිවිසීම ජනතාවගේ පැතම බවත් පාර්ලිමේන්ත මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු ගිනි තබාගනී

මාරවිල, මූදුකටුව ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු සිරුරට ගිනි තබාගෙන දිවි නසාගෙන තිබේ. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ දංකොටුව, යෝගිආන, මොටෑමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 35 හැවිරිදි ප‍්‍රසන්න සංජීව නමැත්තෙකුය.