Monthly Archive:: June 2015

අමෙරිකානු ඩොලරයේ වටිනාකම රු.140ට ළඟාවේ

ශී‍්‍ර ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ආසන්න වී තිබෙන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවල දැක්වේ. මෙය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අමෙරිකානු ඩොලරය සඳහා වාර්තා වූ ඉහළම වටිනාකම බව ආර්ථික විශේඥයින් පවසයි.

ආරක්ෂක අංශ වලට දේශපාලනය තහනම්

මින් ඉදිරියට ආරක්ෂක අංශ සාමාජිතයින් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනිමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (31) මැදිරිගිරියේදී සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයින් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මාව අගමැති ධූරයෙන් ඉවත් කළ හැක්කේ ජනතාවටයි

තමා අගමැති ධූරයෙන් ඉවත් කළහැක්කේ ජනතාවට පමණක් බවත්, තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා ජනතා කැමැත්ත විමසිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.