Monthly Archive:: August 2015

ෆෝන් එක ළග තියං උසස් පෙළ ලියා මාට්ටු

ජංගම දුරකථන ළග තබා ගෙන මඩකලපුවේ විභාග මධ්‍යස්ථානයක සිසුන් දෙදෙනෙකු උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර පවසයි.

වේග සීමා උල්ලංඝණය කරන රියදුරන්ට නීති දැඩිවේ

වේග සීමා පුවරු සහිත මාර්ගවල වේග සීමා උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව අගෝස්තු මස 11 වන දින සිට නඩු පැවරීමට පොලීසිය තීරණය කර තිබේ.

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

පසුගිය ජුලි 31 වනදා කොටහේන බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අංගුවට ගෙන තිබේ.

Amila & Velentina Wedding Day

සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අමිල නිරෝෂන් යුග දිවියට එළඹ තිබේ. ඔහුගේ විවාහයේ ඡායාරූප එකතුව බලන්න පහතින්…

චම්පිකගේ ඡන්ද වැඩවලට ලක්ෂ 1400ක් වියදම් කරලා – ගම්මන්පිල

එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන චම්පික රණවක මහතා ඇස්තමේන්තු අනුව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට වැය කරන මුදල ලක්ෂ 1400 වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මහින්දගේ රැස්‌වීමකදී “හොරා” කියා හොඳටම ගුටි කයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ සහභාගි වූ රැස්‌වීමකදී ‘හොරා’ යෑයි පවසමින් කලබල කළ පුද්ගලයකු පොල්පිතිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙපිරිසක් අතර ගැටුමකින් 17හැවිරිදි තරුණයෙක් මරුට

ඇටම්පිටිය නගරයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පිහි ඇනුමෙන් මියගොස් ඇත්තේ හාලිඇල උඩගම දීගල්ල ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

ශ්‍රී ලංකාවේ බලය බෙදීම වේගවත් කරවන්න

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ස්වයං පාලනයක් ලබා ගැනීම සඳහා ඉවහල් වන බලය බෙදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඊයේ ඉල්ලීමක් කර තිබේ.

උ/පෙ ප්‍රවේශ පත්‍රය නොදුන් නිසා සිසුවියක් ළිඳකට පැන මැරෙයි

විදුහල්පතිවරයා විසින් උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ලබානොදුන් බව පවසමින් වව්නියාව – පණ්ඩාරිකුලම් – විපුලානන්ද විද්‍යාලයේ 19 හැවිරිදි සිසුවියක් ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබේ.

බෑගයෙන් හමුවූ කත මැරුවේ සෙරෙප්පුවෙන් ගැසූ කේන්තියටයි

කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා පිටකොටුව – බැස්ටියන් මාවත – බස් නැවතුම්පළේ දමා ගිය පැටි‍්‍රක් කින්නරාසා නමැති සැකකරු මේ මස 12 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.