Monthly Archive:: August 2015

තාජුදීන්ගේ මරණය ගැන නාමල් කියයි

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය අදහස පළමු වරට පළකර තිබේ. ඒ බී.බී.සී. සංදේශයට අදහස් දක්වමිනි.

ISIS බෝම්බයක් හලාවත දුම්රියකදී පුපුරා යයි

ඊයේ (06) රාත්‍රී 7.20 ට පමණ හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියකදී සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙලෙස තුවාල ලබා තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකි.

චම්පිකගේ උපන්දිනයට මනාප අංකය දැමූ චොකලට් ඩෝනට්ස්

ඇමැති චම්පික රණවක මහතා සිය ජීවිතයේ අඩසියවස සපිරුණු ඉකුත් 04 වැනිදා විශාල වියදමක් දරා සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල සේවකයන්ට චොකලට් ඩෝනට් පෙට්ටි ගණනක් එවා තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරයි.

කුඩු රජා නොහොත් මුජහීඩ් ISIS ත්‍රස්‌තයෙක්‌ බව හෙළිවේ

කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් මෙරට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙය වූ ජාත්‍යන්තර කුඩු ඒජන්තයකු වන මොහොමඩ් මුබාරක්‌ මොහොමඩ් මුජහීඩ් නමැත්තා අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ප්‍රබලයකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

එක ඩොලරයක් හෝ තිබෙන බව ඔප්පු කළොත් මම බෙල්ල කපාගන්නවා

තමාට ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක් නොව එක ඩොලරයක් හෝ තිබෙන බව ඔප්පු කළ හොත් පිහියකින් බෙල්ල කපා ගන්නා බව හිටපු ජනපති, කුරුණෑගල දිස්ත‍්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තවත් ඇමති දුවෙක් කරළියට

පසුගිය කාල සීමාවේදී විවිධ දියණිවරුන් සිය දේශපාලන පියවරුන් වෙනුවෙන් කරළියට පැමිණියා. එසේ ජනප්‍රියත්වයට පත් දියණියක් තමයි දුල්මිණි අත්තනායක.

මුලින්ම වෙඩි වැදුණේ මට – දුමින්ද

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළ නඩුව ඊයේ (06) කොළඹ මහාධිකරණයේදි විභාගයට ගැනිනි. ලබන ඔක්තෝම්බර් මස 12 වනදා එය යළි විභාගයට ගනු ඇත.

ජලය විකිණීමට කිසිදු තීන්දුවක් නෑ

මෙරට ජලය විකිණීම සඳහා කිසිදු කැබිනට් අනුමැතියක් ලබා දී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පාස්පෝට් හදන්න ඇඟිලි සළකුණු ගනී

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ජෛවමිතික තොරතුරු ලෙස ඇඟිලි සළකුණු ලබාගැනීමේ ක්‍රමවේදය මේ මස 10 වනදා සිට ආරම්භ කරන බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මම ඊළමට සහය දෙන්නේ නෑ – විජයකලා මහේෂ්වරන්

දමිල නිජභූමි සිතියම සහිතව සිය පක්ෂයේ අපේක්ෂකයෙකුගේ රුව දැක්වෙන ව්‍යාජ ශ්‍රී ලංකා සිතියමක් යොදා ගනිමින් සිදුකරන ප්‍රචාරය අසත්‍ය එකක් බව කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.