Monthly Archive:: August 2015

ගෑස්‌ හා විදුලිය යළි පහළ දැමීමට සැළසුම්

ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල සහ විදුලි ගාස්‌තු නැවත වරක්‌ පහත හෙළීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත.

ඉන්දු – ලංකා මාර්ගයට තවමත් මෙරට අනුමැතිය නෑ

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් ඉදිකිරීමට යෝජිත දුම්රිය හා මහා මාර්ගය සඳහා ශ්‍රී ලංකා රජය තවමත් අනුමැතිය ලබා දී නැති බව ඉන්දීය මහාමාර්ග හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය පොන්. රාධක්‍රිෂ්නන් මහතා ඉන්දීය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අසභ්‍ය වෙබ් අඩවි 857ක් තහනම් කෙරේ

අසභ්‍ය වෙබ් අඩවි 857කට අධික ප්‍රමාණයක් සඳහා ප්‍රවේශ වීම ඉන්දියානු රජය විසින් තහනම් කොට තිබේ. ළමයින් එම වෙබ් අඩවි වලට පිවිසීම වැළැක්වීම සඳහා එම පියවර ගත් බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත.

නීතිය යොදාගත යුත්තේ සමාජයේ යහපතට

මූලික අයිතිවාසිකම් හෝ නීතියේ සිදුරුවලින් රිංගා වැරදි කි‍්‍රයාවල යෙදීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

වෙලේ සුදා එක්ක ගණුදෙනු කළ අය මෙන්න

මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණ බව කියන ගමිපොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා උපයාගත් මුදල් විශුද්ධීකරණය කර තිබෙන සැකකරුවන් සිවු දෙනෙකු පිළිබඳව පොලීසිය තොරතුරු සෙයයි.

අභයගිරි බිතු සිතුවමකට මෛත්‍රීගේ හා රනිල්ගේ රුව දාලා

1997 වසරේ ප්‍රතිසංස්කරණය ඇරඹි අභයගිරිය සෑරදුන්ට ප්‍රතිසංස්කරණයෙන් පසු පළමු පූජාව ඇසළ පුන් පොහෝදා (31) ජනපති අතින් සිදුකෙරිණි.

නදීෂාගේ සහ උදිත ලොකුබණ්ඩාරගේ ඡායාරූප එලියට

බදුල්ල එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදිත ලොකු බණ්ඩාර මහතා සහ ජනප්‍රිය රංගන ශිල්පිණී නදීෂා හේමමාලි එක්ව ගනු ලැබූ ජායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබේ.

මහින්ද චෝදනා කරන්නේ ඔහුගේම පක්ෂ නායකයාටයි

යහපාලනයක් නොව යම පාලනයක් රට තුළ ඇති කර ඇති බවට මහින්ද රාජපක්ෂ මහතා චෝදනා සිදුකරනු ලබන්නේ ඔහුගේම පක්ෂයේ නායකයාට එරෙහිව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ – මහනුවර අධිවේගයට අද මුල්ගල

කොළඹ – මහනුවර අධිවේගි මාර්ගය සදහා අද (03) මුල්ගල තැබීමට නියමිත බව නෙත් නිව්ස් වාර්තා කරයි. පළමු අදියර යටතේ මෙම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට නියමිතයි.

MH370 යානයේ තවත් කොටසක් හමුවෙයි

අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන තවත් ගුවන් යානා කොටසක් ඉන්දීය සාගරයේ මැඩගස්කර් දිවයිනට ආසන්නයේ පිහිටි රියුනියන් දිවයිනෙන් හමුවී තිබේ.