Monthly Archive:: September 2015

බිරියත් දරුවාත් මුහුදට තල්ලු කළ පියා අත්අඩංගුවට

ඊයේ (17) රාත්‍රී සිය බිරිඳ හා දෙහැවිරිදි දරුවා මුහුදට තල්ලු කළ බව කියන 31 හැවිරිදි සැමියා කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සේයාගේ ඝාතනය ගැන ප්‍රශ්න කරන සිසුවාගේ ලැප් එකේ අසැබි දර්ශන තොගයක්

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් භාරයේ සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගෙන් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලීසිය පවසයි.

මරණ දඬුවම දෙන්න ජනපති සූදානම්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ගාල්ලේ පැවති “මතින් තොර රටක්” උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

බස් එකේදී පාසල් දැරියකගේ ඡායාරූප ගත් පුද්ගලා ගස් බඳියි

කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එහි සිටි පාසැල් දැරියකගේ ඇද සිටි ඇඳුමට යටින් සිය ජංගම දුරකතනයෙන් හොර රහසේ ඡායාරූප ගත කරමින් සිටියදී අසළ සිටි පුද්ගලයන් එය දැක ඔහුට පහරදී පොලිසියට භාරදී තිබේ.

සේයාගේ ඝාතනය ගැන පාසල් සිසුවෙකුගෙන් ප්‍රශ්න කෙරේ

සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර තිබේ.

කඩුවෙල – කඩවත අධිවේගයේ නවතම ගාස්තු මෙන්න

කඩවත සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ සේවාව අද සිට ක්‍රියාත්මක වේ. අද පෙරවරු 05 සිට එම සේවාව ආරම්භ වූ බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.සී දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මරණ දඬුවම එපා කියූ ළමාරක්ෂක සභාපතිනියට රන්ජන් දෙහි කපයි

සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය කොළඹ සිට ප්‍රකාශ නිකුත් කිරීම නොගැළපෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

පියා සිය දරුවා සහ බිරිඳ මුහුදට තල්ලු කරලා

කොස්ගොඩ, මහපැලෑන මුහුදු තීරයේදී සිය පියා විසින් අවුරුදු 02 ක් වයසැති දරුවා සහ බිරිඳ මුහුදට තල්ලු කර දමා තිබේ.

පෝට් සිටි ගිවිසුමේ කාලය දීර්ඝ කරයි

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින්.

බිල ගෙවන තුරු දින 7ක් මළසිරුර තබාගත් ලංකා හොස්පිටල්

බිල ගෙවන තුරු නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි දින හතක් තිස්සේ රඳවාගෙන සිටි මළ සිරුර වහා මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රෝහලට අද නියෝග කර තිබේ.