Monthly Archive:: September 2015

දහම් සිරිසේන ඇමෙරිකා ගිය හේතුව කියයි

ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන එක්වීම පිළිබඳ විවිධ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූ අතර ඒ සඳහා සෘණාත්මක විවේචනද එල්ලවිය.

මක්කම ගිය වැල්ලවත්තේ අඹු – සැමි යුවළ අතුරුදන්

සෞදි අරාබියේ මක්කම වන්දනාවට ගිය කොළඹ – වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අඹු – සැමි යුවළක් අතුරුදහන් වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

10 වසරේ සිසුවියන් 4ක් අපයෝජනයට තැත්කළ ගුරුවරයෙක් මාට්ටු

මස්කෙළිය ප‍්‍රදේශයේ වතුපාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව්දෙනෙකු අපයෝජනය කිරීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටකෙතන කාන්තා ඝාතනයේ පරීක්ෂණ CIDයට

කහවත්ත – කොටකෙතන – ඕපාතවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

දිවයින පුරා විදුලිය බිදවැටීමට හේතුව

දිවයිනපුරා සිදුවු විදුලිය බිදවැටීමට හේතුව විදුලි ඉල්ලුම සති අන්තයේ විශාල වශයෙන් පහළයාම හේතුවෙන් පද්ධතියේ ධාරිතාව ඉහළයාම බවට කරුණු අනාවරණය වී තිබේ.

ගීතාගේ මන්ත්‍රීකමට උසාවියෙන් නොතීසි

ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ගොනුකර තිබු පෙත්සමක් සම්බන්ධයෙන් ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අභියාචනාධිකරණය අද (28) නොතීසි නිකුත් කර තිබේ.

කොණ්ඩයාගේ සිරුරේ අංශ කිහිපයකින් DNA පරික්ෂාවක්

කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ.

කහවත්තේ තවත් කාන්තා ඝාතනයක්

කහවත්ත – කොටකෙතන – ඕපාතවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

කොළඹ සම්පත් බැංකු කොල්ලයේ වීඩියෝව

සැප්තැම්බර් 27 වන දින උදෑසන 07.10 ට පමණ කොල්ලූපිටිය පොලිස් වසමේ ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකා රුපියල් ලක්‍ෂ 55 ක පමණ මුදලක් රැගෙන පළා ගොස් ඇත.

සේයා ඝාතනයේ මුල් සැකකරුවන් යලි රිමාන්ඩ්

කොටදෙණියාව ‘‘සේයා සදෙව්මි’’ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා යළි ඔක්තෝමබර් මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.